“රටේ විදෙස් සංචිත වැඩි කරන්න ඕනෙ. ඒත් ඔමික්‍රෝන්වලින් රටේ ජනතාවගේ ජීවිතය අනතුරේ දාන්න බෑ” විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන යටතේ මීගහජදුර පුරාණ විහාරස්ථානයේ ලක්ෂ විසිපහක මූල්‍ය ප්‍රථිපාදන යටතේ ඉදිකළ දහම්පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් අද(03)විවෘත කරනු ලැබීය. විහාරාධිපති පූජ්‍යපාද අන්දරවැව නන්දරතන නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය එම අවස්ථාවට වැඩම කළ අතර සූරියවැව අම්බලන්තොට සංවිධායක ටී.වී.කේ ගාමිණී මහතා විසින් එම වැඩසටහන  සංවිධානය කරනු ලැබීය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා 

“පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ අපි කතා කළා. ගුවන්තොටුපළේ තිබෙනවා රසායනාගාර දෙකක් රටට පැමිණෙන සියලුම විදේශකයින් තමන්ගේ එන්නත් කරන තත්ත්වය දිහා බලන්නේ නැතුව සියලු දෙනාම පී.සී.ආර්.පරීක්ෂාවට ලක් කරලා රටට ඇතුල් කළ යුතු යැයිද විපක්ෂනායකතුමා  පැවසීය. 

නමුත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ නෑ. එයට හේතුව විදේශීය සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම රටට වැදගත් නමුත්, අපේ රටේ විදේශ විනිම සංචිත වැඩි කරන්න ඕන වුවත්  එය කරන අතරතුර මේ රටේ ජනතාව මේ අලුත් කොවිඩ් ප්‍රභේදයෙන් අනතුරට ලක් කරන්න බෑ. අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව අපි රැක ගත යුතුයි. යනුවෙන් විපක්ෂනායකවරයා තවදුරටත්  පැවැසීය. 

අද දවසේ ඔමික්‍රෝන්  ප්‍රභේදය වැළඳුණු පලමු ශ්‍රී ලාංකිකයා ව හඳුනාගෙන තියෙනවා.  පාර්ලිමේන්තුවේ කළ යෝජනාවලට එදා වැඩිය ඇහුම්කම් දුන්නේ නෑ. තවමත් ප්‍රමාද වෙලා නෑ. රටට ඇතුල් වන සියලුම දෙනාට පි.සි.ආර්.පරීක්ෂණ නිවැරදිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි . එය අනිවාර්ය කළ යුතුයි. එසේ සිදු කළොත් යම්තාක් දුරකට මෙම තත්ත්වය සමනය කර ගැනීමට හැකිවෙනවා. ආණ්ඩුවෙන් මම ඉල්ලීමක් කරනවා උද්දච්ච නොවී කරුණාකරලා ඇතිතතු වලටත් සවන් දෙන්න කියලා. ඇහුම්කන් දෙන එක වරදක් නොවෙයි .ඇහුම්කම් දීලා හොඳ යෝජනා ක්‍රියාත්මක කිරීමත් වරදක් නොවෙයි. අපි හැමෝටම වරදිනවා. එක පක්ෂයක අයට විතරක් නෙවෙයි.  නමුත් වැරදීම් වලින් පසුව අපි ඒ වැරැද්ද භාර අරගෙන ඒ නිසා අපි වෙනස් වෙනවා කියලා කියන්නට කවුරුත් ලජ්ජා වෙන්න ඕන්නෑ. ඒ දෙය සිදු කරන්න මේ ආණ්ඩුවට ආත්ම ශක්තියක් නෑ.  යනුවෙන්ද එතුමා පැවැසීය. 

මේ වන විට මුළු රටේම විදුලිය විසන්ධි වීමක් සිදුවෙලා තියෙනවා. කුමක්ද අපේ රටට වෙන්නේ. එක පැත්තකින්  ගෑස් පිපිරීම් .තවත් පැත්තකින් භූමිතෙල් පෝලිම,තෙල් පෝලිම. අම්මලා  කිරිපිටි පෝලිම්වල හාල්, සීනි  පෝලිම්. ජීවන වියදම ඉහළ යාම. උද්ධමන වේගය වැඩි වෙලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. රටේ දේශීය සම්පත් කුනු කොල්ලයට විකුණලා. යුගදනවි විකිණීම තුළ මේ රටේ බලශක්තිය අනාරක්ෂිත භාවයක් නිර්මාණය වෙනවා. මේ තත්ත්වය තුළ මේ රටට ඉදිරියට යන්න බෑ . රටක් හැටියට අපට ඉදිරි ගමනක් නෑ . මෙවැනි තත්ත්වයක් තුළ රටට ඉක්මනින් වෙනසක් අවශ්‍යයි. මේ වෙනස පාර්ලිමේන්තුවේ ඉන්න ඔළුගෙඩි වල වෙනසක් නෙවෙයි.  සමහරු ඉන්නවලු පිඹුරුපත් හදාගෙන ජාතික  ආණ්ඩු බිහි  කරන්න. ජාතික ආණ්ඩුව හැදෙනවා කියන එක හොඳයි. ජාතික ආණ්ඩු හදන එක සාක්කුවට හොඳයි. නමුත් මම විශ්වාස කරනවා මේ රටට ජනතා කේන්ද්‍රීය වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ඇති කළ යුත්තේ රටේ ජනතාවයි. ජනවරමට කාලය දැන් එළඹිලා. රජයට මම කියනවා රටට යහපත් පාලනයක් උදා කරන්නට බැරිනම් තීන්දුවක් ගන්න. අද හැම තැනකම අර්බුද.  ආණ්ඩුවක් තියෙන්නෙ විසඳුම් සපයන්න. මේ ආණ්ඩුවට කිසිම ප්‍රශ්නෙකට කිසිම විසඳුමක් නෑ. සමගි ජන බලවේගය ට පුළුවන් මේ රට ශක්තිමත් කරන්න යනුවෙන්ද විපක්ෂනායකතුමා පැවසීය