රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය මේ වන විට රටේ ජනතාවගේ විශ්වාස භංගත්වයට හේතු වී ඇති බවත් එය ඔහු පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් ක්‍රියා කරන ආකාරයෙන් පැහැදිලි වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංගනය කරමින් ජනාධිපතිවරයාගේ සහ රාජපක්ෂ වලල්ලේ උවමනා එපාකම් ඉටුකරමින් සිටින බවත් එතුමා අවධාරණය කර සිටියේය.
ජනාධිපතිවරයා මේ වනවිට සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වෙත බලපෑම් කරමින් ඒකාධිපති ගමනක් යෑමට සූදානම් වන බව හිටපු රහුමාන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ඒකාධිපති වියරුව පරාජයට පත්කිරීමට සියලු දෙනාම එකතුව කටයුතු කළ යුතු බවකි.