එළඹෙන සතියේ 27 හෝ 28 දෙදිනෙන් එක් දිනෙකදී ජනාධිපති රනිල් වික්‍රසිංහ විසින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි නිවේදනය කරමින් රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමටත් ටර පුරා සාදා පැවැත්වීමටත් සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්පූර්ණ බංකොලොත් රාජ්‍යයක් ලෙස පසුගිය 2022 වසරේ ප්‍රකාශයට පත් කිරීමත් සමඟම රටක් ලෙස ලබාගෙන තිබෙන ණය ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේනිගත්කිරීමේ ආයතන විසින් පිළිගෙන තිබිණි.

රටක් බංකොලොත්ද නැද්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කරන්නෙ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන බවත් පැවසූ මන්ත්‍රීවරයා ජනතාවට රටට බොරු නොකියන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

රටේ මෙතෙක් කල් පැවති දේශපාලන සංස්කෘතිය පෝෂණය කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් රට යතා තත්වයට පත්ව ඇතැයි නිවේදනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ වැද්දගත් සාමාජිකයෙක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කරන්නට යන බවත් ඒ හරහා තමන් ජනාධිපතිවරණයට තරග වදින බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත්කර නැවත වතාවක් රටේ ජනතාව ඇන්දවීමට සැලසුම් කර ඇති බවයි ආචාර්යවරයා සඳහන් කළේ.