මිට වසර එකහමාරකට පමණ පෙර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අභියෝගයක් බාරගනිමින්, අවංක චේතනාවෙන් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයෙන් ඉවත් වූ බවත් එම අවංක චේතනාව නිසා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමට ලැබූ බවත් අවංක චේතනාවකින් තොරව පාර්ලිමේන්තුවටන් පැමිණීම නිසා ඩයනා ගමගේ මන්ත්රිවරියට පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සිදු වූ බවත් මුජිබර් රහ්මන් මහතා පැවසීය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියව පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්කර එවන අවස්ථාවේ ඇය විදේශික කාන්තාවක් බව නොදැන සිටි නමුත් ඇය විදේශික කාන්තාවක් බව දැනගත් වහාම පක්ෂයක් ලෙස ඇයට එරෙහිව නීතිය හමුවට ගිය බවත් එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉතාමත් කූට ලෙස සජිත් ප්‍රේමදාස මහතාට අවලාද නැගීමට ඩයනා ගමගේව අවබාවිතා කළ බවත් රහ්මාන් මහතා පැවසීය.

මුජිබර් රහ්මාන් මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කරමින් කියා සිටියේ විදේශීය කාන්තාවක් බව රටට හෙළිවී තිබෙන මොහොතක රජය විසින් ඇයට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර පවා නිකුත් කර තිබෙන බවත් විදේශීය කාන්තාවක් වන ඇයට පාර්ලිමේන්තුව නොමග යවමින් ඉතාමත් අපහාසාත්මක ලෙස පාර්ලිමේන්තුවේ පෙනීසිටීමට ඉඩහසර ලබා දුන් රාජ්‍ය පාර්ශවය පවා වගකිවයුතු බවත් ඔවුන්වත් නිතිය හමුවට ගෙන ගිය යුතු බවත්ය.