එක්සත් රාජධානියේ මහ මැතිවරණය අද දින (2024 ජූලි 4 බ්‍රහස්පතින්දා) පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිත අතර නව පාර්ලිමේන්තුව රැස්වීම කැඳවා ඇත්තේ 2024 ජූලි 9 අඟහරුවාදා දිනයි එදින නව කථානායකවරයා තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙන අතරම පාර්ලිමේන්තුවේ රාජ්‍ය විවෘත කිරීම සහ රජුගේ කතාව 2024 ජූලි 17 බදාදා සිදු කෙරේ.

මිලියනකට වැඩි පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබුවා.

මෙවර මැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් නියෝජනය කරමින් කන්සර්වේටිව් පක්ෂය ද විපක්ෂ නායක කීර් ස්ටාමර් නියෝජනය කරමින් කම්කරු පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.

මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනීමට නියමිතයි.