සුවහසක් ශ්‍රී ලංකික ප්‍රගතිශීලී කණ්ඩායම් දිගින් දිගටම රාජපක්ෂවරුන් රට බංකොලොත් කිරීමට, රට ආර්ථික අවපාතයකට අද දැමීමට චෝදනා නැගුවත් රාජපක්ෂ හිතවාදීන් දිගින් දිගටම ඒවා මඩ ප්‍රහාර ලෙස ප්‍රතික්ෂේප කලත් අද වන විට රටේ උත්තරීතර ශ්‍රේෂ්ටධිකරණයෙන් මේ රට බංකොලොත් කල පීරිස්, රටේ ජනතාව හිගමනට අද දැමු පීරිස් ඔප්පු වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මේ රටේ ජනතාවගේ, උපන් නූපන් දරු පරපුරේ අනාගතය විනාශ කලෙත් වෙන කිසිවෙකු නොව රාජපක්ෂ රජය බවයි.
ගොවියට ගොවි ණය ගෙවාගැනීමට බැරිනම්, අහිංසක මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න බැරිනම්, ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ණය ගෙවාගැනීමට බැරිනම්, දරුවාව පාසලට දාන්න දෙමාපියන්ට වත්කමක් නැතිනම් එයට මූලික වශයෙන්ම වගකිවයුත්තු රාජපක්ෂ රෙජීමය බවත් ජයවර්ධන මහතා පැවසීය.
බඩු මිල අහස උසට ඉහල දමා, වැට් බද්ද සිතාගත නොහැකි ලෙස ඉහල දමා, ජාල බිල්/වතුර බිල් ඉහල දමා මේ අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10000කින් පමණක් ඉහල දැමීම යුක්ති සහගත නොමැති බවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප පමණක් වැඩිකිරීමේදී වැටුප් ලබන පෞද්ගලික සේවකයින්ගේ තත්වය පිළිබඳව රජය අවධානය යොමු කර නැති බවත් වැඩිදුරටත් කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,