වසර ගණනාවක් පවතින ඊශ්‍රායල් – පලස්තීන ගැටුමේ ප්‍රතිඑලයක් ලෙස පසුගිය දා (ඔක්තෝබර් 7) පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් වන හමාස්, ඊශ්‍රායලයට මිසයිල දහස් ගණනක් දියත් කර ඔවුන්ගේ සටන්කාමීන් ගාසා තීරයේ සිට දේශසීමා හරහා ඊශ්‍රායලයට යවන ලදි. ඊශ්‍රායල් රාජ්‍ය වාර්තා වලට අනුව, මෙම හදිසි ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයින් 1,300 ක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලැබූ අතර ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයින් 150ක පමණ ප්‍රමාණයක් හමාස් සංවිධානය විසින් රදවා තබාගන්න ලදි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට “යුද්ධයක්” පවතින බව ප්‍රකාශ කළ අතර හමාස් සංවිධානයට එරෙහිව ඔවුන් “මීට පෙර කිසිදා නොදැන සිටි” ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පොරොන්දු වූ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රතිචාර දැක්වීමට ගාසා තීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා යුධ ගුවන් යානා යැවීය, මෙම ප්‍රහාරයෙන් පසු නෙතන්යාහු පලස්තීන ප්‍රදේශය අවහිර කිරීමට නියෝග කිරීම සහ ජනාකීර්ණ ප්‍රදේශය භූමි ආක්‍රමණයක් සඳහා සැලසුම් නිවේදනය කිරීම දක්නට ලැබුණි.
ඊශ්‍රායල් – පලස්තීන ගැටුම ආරම්භ වුයේ ඔක්තෝබර් 7 හමාස් ප්‍රහරයෙන්ද?
දින 25ක් පුරා ඊශ්‍රායල හමුදාව (IDF) විසින් පලස්තීනයට දිගින් දිගටම නොනවත්වා එල්ලකරන ප්‍රතිප්‍රහාර ඇතැම් බටහිර මාධ්‍ය සාධාරණිකරණය කරනු ලබන්නේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් එල්ල කල ප්‍රහාරය සහ ඉන් ජිවිතක්ෂයට පත්වූවන් පිළිබඳව උපුටා දක්වමින්ය. නමුත් ඔක්තෝබර් 7 හමස් ප්‍රහාරය ඉබේ ඇතිවුවක් නොවන අතර පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් අන්තෝනියෝ ගුටේරස් කියා සිටියේ මෙම ප්‍රහාරය රික්තයක ප්‍රතිඑලයක් නොවන අතර හමස් ප්‍රහාරයට සමස්ත පලස්තීන ජනතාවටම දඩුවම් කිරීම යුක්තිසහගත නොවන බවයි.
මිට අමතරව 2021 වසරේ මැයි මස 28 වනදා නිකුත් වූ ද නිව්යෝක් ටයිම්ස් (The New York times) පුවත්පතේ මුල් පිටුවේ, පසුගිය ඔක්තෝම්බර් 07 හමස් ප්‍රහාරයට පෙර ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත් වූ අවුරුදු 18ට අඩු දරුවන්ගේ පින්තුර ලැයිස්තුවක්ද පළකර තිබුනේ පහත ආහාරයෙන්.
The New York times පුවත්පතේ ලිපියට අදාළ දරුවන්ගේ තොරතුරු මෙතනින් කියවන්න
අරාබි ලෝකය තුල ඊශ්‍රායලය නම් යුදෙව් රාජ්‍යක් බිහිකළ ලෝකප්‍රසිද්ධ (1917) බැල්ෆෝර් ප්‍රකාශය.
පළමු ලෝක යුද්ධයෙන් පසු (1917) ආතර් ජේම්ස් බැල්ෆෝර්, එවකට බි්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම් රොක්ස්වයිල්ඞ් සාමිවරයාට යවන ලද ලිපියකින් (බැල්ෆෝර් ප්‍රකාශය) අනතුරුව 1948 වසරේ මැදපෙරදිග භුමිය තුල ඊශ්‍රායලය නමින් යුදෙව් රාජ්‍යක් බිහිවූ අතර එම යුදෙව් රාජ්‍ය අරාබි ජාතිකයින් හදුන්වනු ලැබුවේ අල් නක්බා (මහා නස්පැත්තිය) යනුවෙනි.
යුද්ධයේ ආරම්භය
කිරි ගෙන යන භාජනයක සඟවන බෝම්බයකින් (1946 ජූලි මස 22) ඊශ්‍රායලය පලස්තිනයට එරෙහිව ප්‍රහාර ආරම්භ කල අතර ඊශ්‍රායල් – පලස්තීන යුද්ධය නිසා ජීවතක්ෂයට පත්වූවන් පිළිබඳව මෑතකාලීනව Twitter සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් පහත පහත අමුණා ඇත.
The human cost of the Israeli-Palestinian Conflict
ඔක්තෝම්බර් 7 වන දා සිට මේ වන තෙක් ගාසා තීරයේ පවතින යුද්ධයෙන් ළමුන් 3,000 කට අධික ප්‍රමාණයක් ඇතුළු පලස්තීනුවන් 8,525 ක් මිය ගොස් ඇති අතර සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් විවිධ තුවාල වලට ලක්ව ඇති බවත් ඊශ්‍රායල් පුරවැසියන් 1,400කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් Al-Jazeera වෙබ් අඩවිය ඊයේ රාත්‍රියේ වාර්තා කර තිබුණා.
ඊශ්‍රායලය හමාස් හැර අන් සියල්ලට බෝම්බ හෙලයි ?
පසුගියදා (ඔක්තෝම්බර් 23) RT NEWS සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමරිකානු ජාතික දේශපලන විශ්ලේෂකයකු වන Jackson Hinkle කියා සිටියේ ඊශ්‍රායල් හමුදා ගාසා තිරයේ සිවිල් ජනතාව ඉලක්ක කරගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත් ගාසා තිරයේ හමාස් හැර අන් සියල්ලට බෝම්බ හෙලමින් සිටින බවත් ඊශ්‍රායලයට පලස්තීන රාජ්‍යක් අවශ්‍ය නොවන අතර ඔවුන්ගේ සැබෑ අරමුණ වන්නේ පලස්තීනුවන් පලවාහැර දේශ සීමා ආක්‍රමණය කිරීම බවත්ය.
මේ වන විට ගාසා තිරයේ රෝහල්, පාසල්, පල්ලි, නිවාස, විවිධ යටිතල පහසුකම් පමණක් නොව සරණාගත කඳවුරු වලටද ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පලස්තීනයේ දැනට පවතින සරණාගත කඳවුරු 8ක් අතරින් විශාලතම සරණාගත කඳවුර වන ජබලියා (Jabalia) සරණාගත කඳවුරට ඊයේ ටොන් 6ක පමණ බෝම්බ, ඊශ්‍රායල හමුදාව එල්ල කර ඇති අතර පුද්ගලයින් 50කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වී පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව Al-Jazeera පුවත් සේවය පවසයි.
මෙම ප්‍රහාර පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංගමයේ මානුෂිය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් මාර්ටින් ග්රිෆිත්ස් (Martin Griffiths) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සරණාගත කඳවුරු වලට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ප්‍රහාර “නවතම සහාසික ක්‍රියාව” ලෙසයි.
ඊශ්‍රායල ප්‍රහාර වලින් දින 25 ක් පුරාවට දිනකට ළමුන් 400 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ගාසා තීරයේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා වන සිය ඉල්ලීම යලිත් අවධාරණය කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසන්නේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ වන තෙක් පලස්තීන ළමුන් 3,500කට වැඩි පිරිසක් මිය ගොස් 6,800කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ඊශ්‍රායලය – හමාස් ගැටුමේ ගෝලීය මැදිහත්වීම
දැනටමත් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වී ඇතැයි රුසියාවේ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂක ෆෙදෝර් ලුකියනොව් (Fyodor Lukyanov) පවසා ඇති බව ඔක්තෝම්බර් 31 RT NEWS නාලිකාවේ ලිපියක් පළකර තිබුණා.
“පළමු ලෝක යුද්ධය හෝදෙවන ලෝක යුද්ධය මෙන් තුන්වන ලෝක යුද්ධයක් යුද්ධය ආරම්භ වනු ඇතැයි අපි සහජයෙන්ම බලාපොරොත්තු වුනා. නමුත් එවැනි යුද්ධ තවදුරටත් සිදු නොවනු ඇත, න්‍යෂ්ටික අවි තවමත් බොහෝ දේ වළක්වයි”
යනුවෙන් ඔහු කල ප්‍රකාශයක් එම ලිපියෙහි උපුටා දක්වා තිබුණා.
කෙසේ වෙතත් ඊශ්‍රායලය – හමාස් ගැටුම පිළිබඳව වරින් වර ලෝක බලවතුන් එක්සත් ජාතීන්ගේ සංගමයට විවිධ යෝජනා ඉදිරිපත් කල අතර ඒවා සම්මත වීමට එක්සත් ජනපදය, රුසියාව, චීනය වැනි ලෝක බලවතුන්ගේ නිශේධ බලය හරස් වූ අතර “සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ නෛතික හා මානුෂීය වගකීම් තහවුරු කිරීම” පිළිබඳ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පසුගිය ඔක්තෝම්බර් 27 දින සම්මත කරනු ලැබුවා.
ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දිගින් දිගටම සටන් විරාම ප්‍රතික්ෂේප කල අතර ඔහු කියා සිටියේ මේ යුද්ධයට කාලය බවයි.
මෙවැනි වාතාවරණයක් තුල චිලී රාජ්‍යය, ජෝර්දානය ආධී රටවල් කිහිපයක් ඊශ්‍රායලයේ තානාපති කාර්යාල වසා දැමීමට කටයුතු කර ඇති අතර පසුගියදා යේමනය විසින් ඊශ්‍රායලයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර තිබුණා.
මැදපෙරදිග ලෝකයේ ප්‍රබල රාජ්‍යයක් වන ඉරානය දිගින් දිගටම ඊශ්‍රායලය ගෙනයන ක්‍රියාකලාපය රතු ඉර පැනීමක් ලෙස සදහන් කර තිබූ අතර පසුගියදා ඉරානයේ අධ්‍යාත්මික නායකයා වන Seyyed Ali Khamenei මැදපෙරදිග ලෝකයේ අනෙකුත් රටවල් වෙත කියා සිටියේ ඊශ්‍රායලයට තෙල් සහ ආහාර සැපයීම නතර කරන ලෙසයි