ගාසා තීරයේ පිහිටි අල් අහ්ක්ලි අරාබි රෝහලට (Ahli Arab Hospital) එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 500කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වී ඇති බවත් මේ මොහොත වන විට ඊශ්‍රයාලය – පලස්තීනය අතර ඇතිවූ යුද්ධය හේතුවෙන් ඊශ්‍රයාල ජාතිකයන් 1400ක් හා පලස්තීන ජාතිකයන් 3000කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බවත් මේ සියල්ල මහා සංහාරයක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙම යුදමය තත්ත්වය සමනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයන් කැදවන ලෙසටත් මෙකී ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටීමේ යෝජනාවක් සිදු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය.