කිසිඳු රාජ්‍ය ආයතනයකට බලපෑම් නොකරමින් ඊයේ පැවැත්වූ මහජන විරෝධතාවයට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදකින බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදකිමින් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බරපතල ලෙස තර්ජන එල්ල කරමින් ආණ්ඩුව විසින් සම්මත කරගැනීමට කටයුතු කරන  Online පනතට සහ ප්‍රති ත්‍රස්ත පනතට ජාත්‍යන්තරයෙන් පවා බලපෑම් එල්ල වී තිබෙන මොහොතක ජනමතයකින් තොර අත්තනෝමතික පාලන තන්ත්‍රය සිදුකරමින් තිබෙන මෙවැනි ජනතා විරෝධී ක්‍රියාකාරකම් වලට එරෙහිව ඊයේ විහාරමහාදේවි උද්‍යානය එකම හිස් ගොඩකින් වැසී ගිය බවත් එය හුදෙක් දේශපාලන වාසි මූලික කරගනිමින් පැවැත්වූ විරෝධතාවයක් නොවන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.