විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දින ඊද් දුල් අල්හා මංග්යාලය සමරන ලෝ වාසි ඉස්ලාම් ජනතාවට සුබ පැතුම් එක්කරයි.
විපක්ෂ නායකවරයාගේ සුබපැතුම් පණිවුඩය,
ලෝ පුරා වෙසෙන ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් සංස්කෘතික සහ ආගමික උත්සවයක් ලෙස සැළකෙන රිද් දුල් අල්හා මංග්‍යලය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන මේ මොහොතේ එහි වැදගත් හර පද්ධතීන් පිළිබඳව සිහිපත් කිරීම කාලෝචිත යැයි හැඟේ.
ඉතිහාසයේ පටන් විවිධ ආගමික පූජා කර්ම උදෙසා සාමූහික ව එකට රැස් වූ අතර එහි දී ස්වකීය ආගම හා බැඳුණු වත්පිළිවෙත් සුරැකීමත් ඔවුනොවුන් අතර සහ සම්බන්ධය හා සහයෝගය ඇති කර ගැනීමත් සිදු විය. ඉස්ලාම් ආගමේ එන හජ් වන්දනාවත් එවැන්නකි.
ඉස්ලාම් දහමේ පංච මහා වගකීම් වලින් පස් වැන්න ලෙස සැලකෙන හජ් වන්දනාව තුළින් දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ භක්තිය සහ විශ්වාසය නැවත නැවතත් තහවුරු කිරීමක් සිදු වේ. එකී විශ්වාසය වෙනුවෙන් ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එක ම අරමුණකින් එකට එක්ව එක ම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය උත්කර්ෂයට නංවනු ලබයි. ඊට අමතර ව ඉස්ලාම් දහම තුළ ඇති දාර්ශනික හරය තුළ මනුෂ්‍යත්වය ඔසවා තැබෙන අවස්ථාවක් ලෙස මෙම රිද් දුල් අල්හා හජ් මංග්‍යලය හැඳින්විය හැකි ය. මෙය වූ කලී සමාජයීය සහජී වනයේ මහිමය ලෝකයා වෙත සන්නිවේදනය කරන ප්‍රමුඛම සුවිශේෂී ම ආගමික උළෙලක් ද වේ.
ආගමක් තුළින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දායාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම ය. සෑම ආගමකම සංස්කෘතියක ම සිදු වන මෙවැනි සැමරුම් මඟින් අපට සිහිපත් කරනුයේ එකී යහපත් අරමුණ ය. එබැවින් විවිධ බෙදීම් වලින් මිනිස් වර්ගයා අතර ගැටුම් ඇති කර ගන්නවා වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැඳී සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කම මේ තුළින් අපට ප්රත්යක්ෂ කර පෙන්වයි.
බංකොලොත් වී ඇති අප රටට ද එය මහත් ආදර්ශයක් ලෙස මම දකිමි. ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ, තරාතිරම් භේදයකින් තොරව සියලු දෙනාම අප රට ලෝකයේ අංක 1 බවට පත් කිරීමේ ගමන වෙනුවෙන් සාමූහික ව එකිනෙකා අත්වැල් බැඳගෙන රට ගොඩනැගීමේ කාර්යයට දායක විය යුතු ය. ඒ වෙනුවෙන් ඊද් දුල් අල්හා මංග්‍යලය දින සියලු දෙනාම එක ම හැඟීමකින් එක්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.