පාර්ලිමේන්තුවේ නිමල් සිරිපාල ද සිල්වා සිය කතාවේදී කියා සිටියේ “අභියෝගය වෙලාවේ ආණ්ඩුව භාරගන්නේ නැතිව සමහරු කොන්ද පණ නැති ආකාරයට කටයුතු කළ බවය.

ඔහු මේ චෝදනාව කරන විට ඉමිතියාස් බාකීර් මාකර් සිටියේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ ය.තරමක් අසනීප ගතියෙන් සිටි ඉමිතියාස් නිමල්ගේ කතාව ඇසූ සැනින් තරප්පු පෙළ නැග සභා ගැබට පිවිසියේය.

ඒ සමගම ඔහු නිමල්ට පිළිතුරක් දීමට ද නැගී සිටියේය.

“ඔබතුමා ජේෂ්ඨ ඇමතිවරයෙක්.ඔබතුමා කා ගැනද කිවුවෙ කියල මට තේරෙනවා.හැබැයි මතක තියාගන්න කිසිම කොන්දේසියක් නැතුව බාරගත්ත අයට අද ව්‍යවස්ථා සංශෝධනය අයිස් පෙට්ටියට අපහු දාන්න වෙලා තියෙනවා.අපි කැමති නෑ කාටවත් ප්‍රාණ ඇපකරුවෝ වෙන්න”

යැයි ඉම්තියාස් කීවේය.

ඒ වන විටත් ඉම්තියාස් සිටියේ අසනීපව නිසා ඔහු කතා කළේ හති දමමිනි.

කෙටි පැහැදිලි කිරීම අවසන් කළ සැනින් ඉමිතියාස් එහෙමම ගියේ හර්ෂණ රාජකරුණා අසලටය.ඒ ඊලඟට කතා කරන්නට නියමිතව සිටියේ ඔහු නිසාය.

“හර්ෂණ මේ චෝදනාවට ඔයත්  උත්තර දෙන්න”

එහෙම කිව්ව ඉමිතියාස් හර්ෂණ අසල තිබූ වතුර බෝතලය අතට ගෙන එක හුස්මට බීවේය.