ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත්කිරීමේ බලය ඉදිරියේදී සිය කොමිසමට පැවරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසනවා.
වසරකින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කර ඇති බවත් එම කාලය ලබන වසරේ මාර්තු 25 වන දිනෙන් අවසන් වන බවයි කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ.
ඒ අනුව මැතිවරණය පවත්වන දිනය ලබන සැප්තැම්බර් 20 වන දිනෙන් පසු ප්රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.