ප්රබලතම විපක්ෂයේ දේශපාලන පක්ෂය වන සමඟි ජන බලවේගය සමඟ ඉදිරියේදී පොදු වේදිකාවක් ගොඩනගන බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (19) උදෑසන පැවති රූපවාහිනී දේශපාලනික වැඩසටහනකට එක්වෙමින් පැවසීය.
එතුමා අවධාරණය කරමින් කියා සිටියේ ඉතිහාසයේ කෙදිනකවත් ජනතාව අත්නොවිදි පීඩනයක් මේ වන විට ජනතාව අත්විඳිමින් සිටින බවත් එම පීඩනය වැලැක්වීමට හෝ අවම කිරීමට තවදුරටත් තනි තනි දේශපාලන පක්ෂ වලට නොහැකි බවත් ඒ සඳහා විපක්ෂයේ පුළුල් ශක්තිමත් සාමූහික මැදිහත් වීමක් අවශ්‍ය බවත්ය.
වත්මන් රජය බලහත්කාරයෙන් පවත්වාගෙන යන ඒකාධිපති ව්‍යූහය තුල ඉදිරි වසර තුල පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ සාධාරණ ලෙස පැවැත්වීම කෙරෙහි විශ්වාසයක් තබාගත නොහැකි අතර මැතිවරණයකට අවශ්‍ය මාධ්‍ය නිදහසට සහ රටේ ප්රජාතන්ත්රවාදයට විධායකය විසින් අභියෝග කරමින් සිටින මොහොතක ඒ සියල්ල පරාජයට පත්කරමින් ජනතා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ස්වාධීන මැතිවරණයක් පවත්වා අත්තනෝමතික, ජනතා අවසරයකින් තොර ආණ්ඩුව පලවාහැරීමට පුළුල් දේශපාලන පොදු වේදිකාවක් සකස් විය යුතු බව එතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.