අද (26) අළුයම සිව් දෙනෙකුගෙන් යුතු ඇමෙරිකානු රාජ්‍ය දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණ ඇත. මාධ්‍ය ආයතන පවසන්නේ විදේශ අමාත්‍යාංශයෙ උපදෙස් මත මාධ්‍ය ආවරණය සියල්ල වරාණය කර ඇති බවයි. වර්තමානයේ රට ඉතා අර්බුදකාරී තත්වයක පවතිද්දී මෙවැනි සුවිශේෂි සිද්ධියක් හොර රහසේ පැවතීම සම්බන්දයෙන් සියලුදෙනාගේ අවදානය යොමු වී ඇත.
රටේ පවතින සංකීර්ණ අර්බුදය විමසා බැලීම සඳහා පැමිණි මෙම දූත පිරිස අතර ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කළාපය භාර නියෝජ්‍ය ලේකම් රොබට් කැප්‍රෝත් ( Robert Kaproth ) සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර රාජ්‍ය ලේකම් කෙලී කේඩරින් ( Kelly Kedering ) ද ඇතුළත් වී සිටියහ .
මෙම පිරිස අද අලුයම 02.20 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
එහෙත් මෙම පැමිණීම සඳහා මාධ්‍ය ආවරණය වාරණය කර තිබිණි.