ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් X පණිවුඩයක් (Twitter) නිකුත් කර තිබේ.

1933 පෙබරවාරි 5 උපත ලැබූ සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රථමවරට තේරී පත්වූවේ 1977 වසරේදීය, ඉන්පසු අඩසියවසකට අධික කාලයක් දේශපාලන කටයුතු වල නිරත වෙමින්, සියලු ශ්‍රී ලාංකේය ජනතාවට සමාන අයිතිවාසිකම් දිනාගැනීමේ සටනෙහි ඔහු ප්‍රභල කාර්යභාර්යයක් ඉටුකළ බව අප කවුරුත් දන්නා කරුණකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ ලාංකේය ජනතාවට සමාන අයිතිවාසිකම් දිනාගැනීමේ සටනෙහි සම්බන්ධන් මහතාගේ කැපවීම බලාපොරොත්තුවේ ආලෝකයක් බවත් ඔහුගේ අභාවයත් සමඟ එක යුගයක අවසානය සනිටුහන් වන බවත්ය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම X සටහන තබමින් අවධාරණය කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කළ නීතිඥ අර් සම්බන්ධන් මහතාගේ සාධාරණ නායකත්වය තාමාට මෙන්ම බොහෝ දෙනෙකුට ආදර්ශමත් දිරිගැන්වීමක් වනු ඇති බවයි.

balavegaya Screenshot 2024 07 01 100612