මධ්‍යම සංස්කෘතික අරමුදලට මොකද වුනේ ?

මුලින්ම මේයලා news එක plant කරන්නේ 2015 සිට 2019 දක්වා නිවාස සහ සංස්කෘතික කටයුතු පිලිබදව කැබිනට් ඇමතිවරයා ලෙස කටයුතු කරපු සජිත් ප්‍රේමදාස මහතා කියලා. එතකොට අපේ රටේ ජනතාව ට හිතෙන්න්න පුලුවන් සජිත් ප්‍රේමදාස මැතිතුමන් 2015 ඉදන්ම සංස්කෘතික අරමුදල භාර ව සිටි ඇමැතිවරයා කියලා.

නමුත් එතනින්ම අතේ පත්තුවන පට්ටපල් බොරු සමාජ ගත කරන්නේ කාගේ හරි උවමනාවකට කියලා පෙනවා. සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු පිලිබදව අමාත්‍යාංශය භාර ගන්නේම 2018 දේසැම්බර් 20 වෙනිදා. එය නැවත මාස 11 ට පසුව, ආණ්ඩු පෙරලිමේන් අණතුරුව එය නැවත භාර දේනවා.

සංස්කෘතික අරමුදලේ මුදල් යෝදවන්නේ ආගමික සංවර්ධනයක් ඇති කිරිම සදහා ආගමික පුනරුදයක් ඇති කරලිම සදහාය.

මේ හරහා කළා අංශය , පුරාවිද්‍යා අංශ , ආගමික සහ සංස්කෘතික අංශයන් සදහා අරමුදල් වියදම් කිරිමට හැකියාව පවතිනවා.

2017 දි ඔරොත්තු නොදේන සේවකයන් බඳවා ගන්නේ Sajith Premadasa නම් නොවේ. මොකද එතකොට සජිත් ප්‍රේමදාස නෙමෙයි ඒ වේලාවේ ඇමැති. හැබැයි නිව්ස් ගහන්නේ සජිත් ප්‍රේමදාසයන් මේවැනි දේ කලා කියන අදහස ඉස්මතු කරමින්.

හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමන් අරමුදල් වියදම් කලේ හරි ක්‍රමවේදයක් ඇතිව.
සමාන්‍යයෙන් අරමුදලක් තිබේන්නේ අවශ්‍ය අංගයන් සදහා වියදම් කිරිමට එය අවිධිමත් ලෙස වියදම් කිරිමක් නොවේ !

පෙරහැරවලට ,සංස්කෘතික මංගල්‍යයන් වලට, පුරාවිද්‍යා සහ ආගමික සංවර්ධනයන් උදේසා අරමුදල් වියදම් කිරිමේ කිසිම වැරැද්දක් නැහැ. ඒක ඊයේ පාර්ලිමේන්තුවේදී මහින්දානන්දත් පිළිගත්තා.

ඒක හරියට ගමේ අවමඟුල් සමිතියේ අරමුදල ගමේ අවමඟුලකට වියදම් කලා හා සමානයි. වියදම් කරන්නේ අවශ්‍ය දේයට මිස මගුල් ගෙයටකට නෙමෙයි.

ඔය අතරේ කියන තවත් කතාවක් තමයි අරමුදල භාවිතා කිරිමේදි නිසි අනුමැතියකින් තොරව වියදම් කලා කියන පට්ටපල් බොරුව. සියලුම වියදම් පාලක මණ්ඩලයේ අනුමැතිය ඇතිව වියදම් කර ඇති බව මේ පිළිබඳව විමර්ශනය කරද්දී කෝප් කමිටුවේ හිටපු මරික්කාර් මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා.

එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ ප්‍රධානියා වුවත් ඔහුට තීරක බලයක් එම පාලක මණ්ඩලය තුල තිබුනෙ නැහැ.

වාර්තාවේ පෙන්නපු ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සහ වැඩ අවසන් නොකළ වියාපෘති වලට වගකිව යුත්තේ රාජ්‍ය ආයතන මිසක් පුද්ගලික ආයතන නොවේ. විශේෂයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මිට වගකිව යුතුයි.

අවසාන වශයෙන් කියන්න තියේන්නේ මේතන සිදුවේලා තියේන්නේ විධිමත් ලෙස අරමුදල් වියදම් කිරිමක් මිස වේනත් කිසිම දේයක් සිදු වෙලා නොමැති බවය. 2019 විගණකාධ්පති වාර්තාවේ එක පැහැදිලිවම ඔප්පු වේනවා

ආර්ථික ඝාතකයින් ආරක්ෂා කරන මහින්දානන්දලාට බෑ දැන් ආයි මිනිස්සු රවට්ටන්න……