එක අතකින් දරුවන්ගේ කුසගින්න නිවීමට වෙරදෙන පියවරුන්, පවුලේ පෝෂණය හා සෞඛ්‍ය තත්වය ගැන දිවා රෑ වෙහෙසෙන මව්වරුන්, තවත් අතකින් බලාපොරොත්තු කඩවූ තරුණ හා වැඩකරන ජනතාවක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

ඔහු අද (11) පර්ලිමෙන්ත්ජුව අමතමින් තවදුරටත් අවධාරණය කර සිටින්නේ ව්‍යවසායකයින් බොහෝදෙනෙක් පරාටේ නීතියේ හිරවී ඇති බවත් පුද්ගලයින් සහ පවුල් ඒකක ක්‍ෂුද්‍ර මුල්‍ය හා මුල්‍ය වංචාවල ගොදුරු බවට පත්වෙමින් සිටින බවත්ය.

තවදුරටත් ඉහල යන ජිවන වියදම තරුණ විරැකියාව, දුප්පත්කම හා ගර්භනී මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණ උනතා, අද්‍යාපන කඩාවැටීම වැලැක්වීමට සුදුසු කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ යෝජනා කරයි.

කබීර් හෂීම් මහතා අද පාර්ලිමේන්තුව තුල කළ සම්පුර්නවා කතාව පහත සබැඳියෙන් නරඹන්න,