හෙට දිනයේ විරෝධතා වැලැක්වීම සඳහා රජය දැවැන්ත උපක්‍රමයන් යොදවමින් සිටින බවත් එහෙත් දහස් සංඛ්‍යාත ජනතාව කොළඹට ඒකරාශී කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි .

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“හෙට උද්ඝෝෂණය වැළැක්වීමට ආණ්ඩුව උපක්‍රම යොදමින් සිටින බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

මොන බාධක දැම්මත් අපි හෙට දහස් සංඛ්‍යාත ජනතාව කොළඹට ඒකරාශී කරනවා.දැන් ජනතාවට ජීවිතය ගත කරන්න බැහැ.” යනුවෙන් එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය .

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජිවත් විමේ අයිතිය උල්ලංඝනය කරන වත්මන් ආණ්ඩුවට එරෙහිව සියලුදෙනා කොළඹට පැමිණෙන ලෙස ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ