ජනතාවාදී ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට රජය භාර දෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය .

ඔහු මේ බව කියා සිටියේ අද(21) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යලයේ දීය .

මයන්ත දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

“ආණ්ඩුවට කිසිම ආර්ථික පාලනයක් නැහැ නීතියේ පාලනයක් නැහැ මේ අවස්ථාවේ ආණ්ඩුවට කියන්නේ කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දෙන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජන බලවේගයට හොඳ කණ්ඩායමක් ඉන්නවා ආර්ථිකය හසුරුවන්න පුළුවන් විදේශ ආධාර ලබාගන්න පුළුවන් පිරිසක් ඉන්නවා රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සංවර්ධන අපට ඇති කරන්න පුළුවන් එයට හොඳ සැලැස්මක්, ප්‍රතිපත්තියක් අපිට තියෙනවා .

ඊයේ පැවති කැබිනට් රැස්වීමේන් පසු එලියට ආපු ඇමතිවරු විශේෂ දෙයක් සාකච්ඡාවක් සිදු වුණේ නැහැ කියනවා.කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ ඊයේ රෑ 12:00 සිට ඉන්ධන මිල වැඩි කරන බවක් ඉතා භයානක තත්ත්වයක් තමයි ජනතාවට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුණොත් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ දෙයක් සිදු වෙන්නේ. කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දෙන්න සමගි ජන බලවේගයේ අපි සූදානම් මේ රටේ පාලනය භාර අරගෙන ජනතාවාදී ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟන්න. එයට හොඳ කණ්ඩායමක් අපිට ඉන්න බවත් මේ අවස්ථාවේ කියනවා.”