රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරිම සදහා හෙට මහනුවර සිට කොලම දක්වා දැවැන්ත පා ගමනක් සමගි ජන බලවේගය මගින් සංවිධානය කර ඇත . එහි අරමුණ වනුයේ වත්මන් රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරිම බවත් ඒ පා ගමන සදහා ආණ්ඩුවට විරුද්ධ සියලු පක්ෂ හා සිවිල් ක්‍රියාකාරීන්ට මෙන්න පක්ෂ පාට නොසලකා රටේ සියලුම ජනතාවට සහභාගී වන ලෙස සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ආරාධනා කළ සිටියේය .

ඔහු කියා සිටියේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් , සිවිල් සංවිධාන , වෘත්තීයවේදීන් මෙන්න සමන්‍ය ජනතාව ආණ්ඩුවට කියා සිටින්නේ ඉල්ලා අස්වෙන්න ලෙසත් එහෙත් කන් නොඇසෙන ඇස් නොපෙනෙන පුද්ගලයකු වගේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි .

අද රටේ විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව යකඩ බැරියල් යොදා ඉතා කෘර විඩියට කටයුතු කරමින් සිටින බවත් නමුත් ජනතාවගේ උද්ඝෝෂණ ආණ්ඩුවට නැවැත්විය නොහැකි බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

වත්මන් ආණ්ඩුව පලවා හැරිමට සමගි ජන බලවේගය වසර 2ක් තිස්සේ උද්ඝෝෂණ කරමීන් ජනතා ප්‍රශ්න කිවූ බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

සටහන – CJ