වත්මන් ආණ්ඩුව පලවා හැරිම සදහා නොනවතින සටන හෙට කොළඹින් අරඹන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ වත්මන් ආණ්ඩුව විසින් අඳුරුතම යුගයකට රට පත් කළ බවයි .

වර්තමාන පාලකයන් හොරකම් කිරීම නිසා රට මෙසේ බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කටයුතු කරනුයේ ඔවුන්ගේ සාක්කුව පුරවා ගන්නේ කෙසේද යන්න බව ද, මහ ලේකම්තුමා කියා සිටියේය .

වැඩි දුරටත් කියා සිටියේය රටේ ජනතාව අර්ථික අර්බුදයෙන් බේරා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස නායකත්වය ලබා දෙන බවත් තවද දක්ෂතම හා පිරිසිදුම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ බැවින් රටේ වත්මන් අර්ථික අර්බුදයට සමගි ජන බලවේගයට මුහුණ දිය හැකි බව ද, රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය .

ආණ්ඩුවට විරෝධය දැක්වීමට සිවිල් පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වන බවත් ඒ සියලුදෙනා කොළඹ විහාරමහා දේවී උද්‍යාන අසලට පැමිණෙන ලෙස ද, මද්දුම බණ්ඩාර මහතා ආරාධනා කළ සිටියේය .

මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .

සටහන – CJ