ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා ගම් මට්ටමේ සිට ශක්තිමත්ව සංවිධානය විය යුතු බවයි .

මැතිවරණයක් නොපවත්වා රට පාලනය කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා නම් එයට විරුද්ධව ජනතාව සමඟ පාරට බැස විරෝධතා දැක්වීමට සමගි ජන බලවේගය සූදානම් බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

වර්තමානයේ ජනතාව විදින අසීරු තත්ත්වය තුළ ද, රාජපක්ෂ ආණ්ඩුව ජනතා මුදල් අවභාවිතා කරමින් සිටින බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

සටහන – CJ