ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොහැකිව නිසා වත්මන් අර්ථික අර්බුදය නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි .

ඔහු කියා සිටියේ යහපාලන ආණ්ඩුව පරාජයට පත් වන වීට විදේශ සංචිත ඩොලර් මිලියන 8200ක් තිබු බවත් වර්තමානයේ අකාර්යක්ෂම අර්ථික කළමනාකරණය නිසා විදෙස් සංචිත හිග වී ඇති බව පැවසීය .

වැඩි දුරටත් කියා සිටියේ යහපාලන ආණ්ඩුව පරාජය වනවීට උද්ධමනය 4% ක් වු බවත් වර්තමානය වනවිට 14% ක් වුයේ පසුගිය ආණ්ඩුවේ වැරැද්දක් නිසාද යන්න රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ සිටියේය .

තවද කියා සිටියේ එම අවාස්තාවේ ඩොලරයක මිල රුපියල් 194ක් බවත් අද ඩොලරයක් රුපියල් 160ක් වුයේ පසුගිය ආණ්ඩුවේ වැරදි නිසාද යන්න මන්ත්‍රීවරයා විමසා සිටියේය .

ඔහු තව දුරටත් කියා සිටියේ ආණ්ඩුව ආනයනය භාණ්ඩ සිමා කළාත් ඩොලර් හිගය තව දුරටත් පවතින බවත් යහපාලන ආණ්ඩුවේ දී ජනතාව අවශ්‍ය සියලුම භාණ්ඩ හිගයකින් තොරව ලබා දීමට හැකි වු බවද පැවසීය.

එළෙබෙන සිංහල හිංදු අලුත් අවුරුද්ද සැමරීමේ දී දරුවන්ට ඇදුම් පැළදුම් හා අහාර පාන ලබා දිමට නොහැකිව දෙමව්පියන් විශාල මානසික පිඩනයට ලක්වන බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

ජනාධිපතිවරයා පොහොර පිළිබඳ උපදෙස් ලබා ගන්නේ දොස්තරවරුන්ගෙන් බැවින් එවිට රටක් ඉස්සරහට යා නොහැකි බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

මහබැංකුව සිමාවක් නොමැතිව සල්ලි අච්චු ගැසිම නිසා දිනෙන් දින භාණ්ඩ මිල ඉහල යන බව පැවසූ මන්ත්‍රීවරයා නියමිත අවස්ථාවේ දී ජත්‍යන්තර මුල්‍ය අරමුදලට ආණ්ඩුව ගියා නම් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය නොවන බව ද, කියා සිටියේය .

ආණ්ඩුව ජත්‍යන්තර මුල්‍ය අරමුදලට මීට ඉහතදී නොගියේ ඔවුන් විසින් රාජ්‍ය වියදම් අඩු කරන ලෙස ඉල්ලු කර විට මහාමාර්ග ඉදිකිරිමේ දී හා අනෙකුත් සංවර්ධන වැඩසටහන් වල දී ආණ්ඩුවේ මැති ඇමතිවරුට කොමිස් මුදල් ලබා ගැනිමට නොහැකි වන නිසා බව, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය .

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

ජීවිතාරක්ෂක ඖෂධ තුනක් රට තුළ නොමැති බවත් ,

මේ වන විට රට අර්බුදකාරී තත්ත්වයක පවතින බවත් දේශපාලන පක්ෂවල මැදිහත්වීමකින් තොරව කැරැල්ලක් ඇතිවිය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට ඖෂධ මිල සියයට 29 දක්වා ඉහළ දමා ඇති බවත් යහපාලනය තුළ ඖෂධ පාලන මිල ක්‍රියාත්මක කර එය දැඩි ලෙස නිරීක්ෂණය කර ඇති බවත් ඔහු පැවසීය.

හෘද රෝග ඇතුළු හදිසි ජීවිතාරක්ෂක ඖෂධ ද රට තුළ නොමැති අතර ඒඩ්ස් සඳහා ඖෂධ 4 ක්, පිළිකා සඳහා ඖෂධ 7 ක් සහ නියුමෝනියාව සඳහා ඖෂධ 1 ක හිඟයක් පවතී.

එවැනි අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 36ක හිඟයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙම හිඟය කෘත්‍රිමව ඇති කළ එකක් බවත් මෙවැනි කෘත්‍රිම හිඟයක් ඇත්නම් රාජ්‍ය හිමිකාරීත්ව සංස්ථාවේ බෙහෙත් ශාලාවේ හිඟයක් පවතින්නේ මන්දැයි අමාත්‍යවරයා සඳහන් කළ බවත් රාජිත මන්ත්‍රීවරයා කියා සිටියේය.

සටහන – CJ