අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද පැවැසීය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත්, දී ඇති එකම පැකේජය, අසහනය පීඩනය උද්ධමනය දුක කඳුල වේදනාව පමණක් බවද ඒ මහතා පැවසීය.

මීට වසර 17කට පෙර ස්වභාවික වියසනයක් ලෙස සුනාමි වියසනය පැමිණ මේ රටේ දහස් ගණනක් ජනතාවගේ ජීවිත විනාශ කළ බව පැවසූ විපක්ෂනායකතුමා, වර්තමාන ආණ්ඩුව ස්වභාවික ව්‍යසනයක් වෙනුවට, ඔවුන් විසින්ම නිර්මාණය කළ ව්‍යසනයකින් මේ රට විනාශය කරා රැගෙන ගොස් ඇතැයි ද පැවැසීය.

balavegaya IMG 20211226 WA0041

එදා ස්වභාවික සුනාමිය නිසා දස දහස් ගණනක් මරණයට පත්වූ බවත්, අද “පොහොට්ටු සුනාමිය” නිසා සමස්ත රටේම ජනතාව බලවත් විපතකට ලක්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

රටේ සිදුවෙමින් පවතින්නේ සුදු කර පටි මංකොල්ල කෑම් බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන්ට හෝ සමගිජන බලවේගයට ඇති එකම ඩීල් එක ජනතාව සමග ඩීල් එක පමණක් බවද පැවසීය.

balavegaya IMG 20211226 WA0044

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(26) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” ආරම්භ කළේ හම්බන්තොට නගරය සහ ඒ ආශ්‍රිත පොළ භූමියේ ජනතාව හමුවට යමිනි. නගරයට සහ පොල භූමියට පැමිණ සිටි ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ “පවුල් පාලනය රටේ විනාශය” නැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.