වර්තමාන ආණ්ඩුව මේ රටේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්වයකට පත්කළ ඇති බවත්, ඊයේ දිනයේදී භූමිතෙල් පෝලිමක සිටි පුද්ගලයකුගේ ජීවිතයක් අහිමි වු බව ද, මීට පෙර ගෑස් පිපිරීමෙන් ජීවිත ගණනාවක් අහිමි වී ආභාධිත තත්වයට පත්වී දේපල හානි සිදු වු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

වත්මන් ආණ්ඩුව මේ සිදුකරනු ලබන වැරදි ක්‍රියා නිසා ජනතාවට ජීවිතයෙන් වගකියන්නට වී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය .

වැඩි දුරටත් කියා සිටියේ,

“දැන් රටේ ජනතාව සමාන්‍ය විදිහට තියා මහන්සිවෙලාවත් ජීවත් වන්න අවස්ථාව සලසා දෙන්නේ නෑ දැන් මුලින්ම කහ ගෑස් සිලින්ඩරය නෑ කීව විගස ජනතාව ගිහින් ගත්තා නිල් පාට ගෑස් සිලින්ඩරය එතකොට නිල් පාට ගෑස් සිලින්ඩරය පුපුරන්න ගත්තා ගෑස් ටැංකිය බෝම්බයක් බවට පත්වන්න ගත්තා ගෑස් හිඟයක් අවා එතකොට ජනතාව මොකද්ද කරේ විශේෂයෙන්ම නාගරික ජනතාව පමණක් නොවේ ගොඩක් ජනතාවට සිද්ධ වුනා Hot Plate එකක් ගන්න ඒක පාවිච්චි කරගෙන ඉන්න විට විදුලිය කපන්න ගත්තා ඊට පස්සේ ජනතාවට සිද්ධ වුනා භූමිතෙල් ලිපක් ගන්න දැන් මේ වෙද්දී භූමිතෙල් නෑ භූමිතෙල් පෝලිම් ඒ පෝලිම් වල දවස් ගණනාවක් බඩගින්නේ ඉදලා අපි දකිනවා මාධ්‍ය වල කලන්තෙ දාලා කාන්තාවෝ සිහි නැතිව වැටෙන බව” ජේ.සී අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටියේය .

ගෑස් වලින් කරන්ට් එකට ගියා, හොට් ප්ලේට් එකෙන් භූමිතෙල් ලිපට ගියා, දැන් මොකේට මේ අයට යන්න කියන්නේ? ජේ.සී අලවතුවල ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

ඔහු එහිදී කියා සිටියේය ,

“මොකද ආහාර ගන්නෙ නැතුව තමයි මේ පෝලිම් වල ඉන්නේ අද කන්න නැති තත්වයට ජනතාව පත්වෙලා තිබෙනවා රටේ මේ ගෑස්, විදුලිය කැපීම ඉන්ධන හිඟතාවය නිසා අද සාමාන්‍ය හෝටල් ගණනාවක් වැහිලා තිබෙනවා බේකරි ගණනාවක් වැහිලා තිබෙනවා විශාල පිරිසකට රැකියා අහිමි වෙලා තිබෙනවා අද නාගරික ජනතාවට තිබෙන දේවත් උයාගන්න බැරි තත්වයකට පත්වෙලා තිබෙනවා මොකද්ද මේ ආණ්ඩුව දැන් අවුරුද්දයි මාස හයක් තිස්සේ ජනතාව තමන්ට තිබෙන සේසතම දීලා අද ගෑස් වලින් ගියා කරන්ට් එකට හොට් ප්ලේට් එකෙන් භූමිතෙල් ලිපට ගියා දැන් මොකේට මේ අයට යන්න කියන්නේ” යැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය

තව දුරටත් පැවසු මන්ත්‍රීවරයා ,

“අපි වහාම කියනවා අප 15 වැනිදා සමගි ජන බලවේගය සමග මේ රටේ ජනතාව ඇවිත් ලක්ෂ ගානක ජනතාව ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය ගාව කීවේ කුමක්ද? මේ පවුල් පාලනය අවසන් කරන්න කියන එය පළමු ආරම්භය බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

මෙම අදහස් දැක්වූයේ අද මාධ්‍ය හමුවක් පවත්වමින් ය.

සටහන – CJ