ඉදිරියේදී රටට මුහුණ පාන්න සිදුවන සාගතයට විසදුම් හොයන්නේ නැතුව කෘෂිකර්ම ඇමතිවරයා පම්පෝරි ගහන බවත් නොහැකියාව වසා ගන්න අපේ රට සිංගප්පූරුව ,ඩුබායි යන රටවල් සමග සංසන්දනය කිරීමට උත්සාහ කරන බවත් පාර්ලිමේනතු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා (07)දින විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.
එහිදී අපි ඇහැටවත් දැකපු නැති චීනයෙන් ආපු පොහොර නැවකට මහජන බැංකුවෙන් මුදල් ගෙවන බවත් එය ලක්ෂ වලින් 13800 කට ආසන්න මුදලක් බවත් වෙළඳපොලහි ඩොලර් මිලට බැලුවොත් ලක්ෂ 16500ක මුදලක් අපේ රටට ආවේ වත් නැති ඇහැට දැකපු නැති චීන පොහොර සමාගමේ අසූචි නැවට මුදල් ගෙවන්න රජය තීරණය කළ ඇතැයි පැවසීය.
එවැනි නාඩගම් නටලා ඒ මුදලට හරියන්න පොහොර ලැබුණා නම් ඉදිරියට රට මුහුණ දෙන්න යන සාගතයට මුහුණ දෙන්න වෙන්නේ නැති බවත් මේ සම්බන්ධව කතා කරපු සියලු නිලධාරීන් ගෙදර යවා මහින්දානන්ද ඇමතිතුමාටත් 10 වෙනිදා වෙනකොට අමාත්‍යංශයට ආයුබෝවන් කියන්න වෙන බව ආරංචි ඇතැයි පැවසීය. නමුත් දැන් එතුමාත් පිළිගන්නවා රටේ සාගතයක් ඇති වෙන්න පුළුවන් කියන එක දැන් ඒකට ගහන පම්පෝරිය තමයි ඩුබායි රටේ එක එළවළුවක්, වී ඇටයක් වත් නැතුව ආහාර ප්‍රශ්නයක් නැහැ කියන එක ඒ වගේම සිංගප්පූරුවේ ද ආහාර ප්‍රශ්නයක් නැතැයි පවසනවා එය එතුමාට ඇති මොළේ අමාරුවක් නිසා බවත් ශ්‍රී ලංකාව ඩුබායි, සිංගප්පූරුව සමග සංසන්දනය කරන්න බැරි බව ද පැවසීය.
ඒ වගේම අද අපිට අවශ්‍ය කරන ඖෂධ ඇතුළු ආහාර ද්‍රව්‍ය ටික ගෙන්න ගන්න බැහැ ගෙනාපු නැව් ටික වරාය හිර වෙලා එවැනි අවස්ථාවක මේ රටේ ඉස්සරහට මුහුණදෙන්න වෙන ප්‍රධාන ආහාර හිඟයට මේ කට්ටිය කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ සිංගප්පූරු වල ඩුබායිවල වගේ අපට ආහාර ගෙනත් දෙන්න පුළුවන් කියලා .මේකට අපට කියන්න තියෙන්නේ රෙද්දේ මලපහ උනාට කටේ නරිවාදම් අඩුවෙලා නැහැ කියන එකයි මේ ආන්ඩුවේත් අද රෙද්දේ මලපහ ගියාට ඇමතිවරුන්ගේ කටේ නරිවාදන් අඩුවෙලා නැති බවත් මේ කියන කිසි දෙයකින් රටේ ජනතාවට සහනයක් නැති බව ද පැවසීය.
මේ කාලයේ ගොවීන්ගේ අස්වැන්න ලැබෙමින් තිබෙනවා නමුත් වෙනදා ලැබුණු අස්වැන්නෙන් 40%ක පමණ ප්‍රතිශතයක් තමයි ලැබෙන්නේ එය පාලකයින් ගේ ඔලමොට්ටල තකතීරු තීන්දු නිසා. දැන් කියනවා ආණ්ඩුව රුපියල් 75ක මිලක් වී වලට දෙනවා කියලා නමුත් 75 ක මිලක් දෙන්න දෙයක් නැතැයි අද වෙළඳපොලේ රුපියල් 95 ක මිලක් නාඩු වී සහ සම්බා වී කිලෝ එකට ලැබෙන බවත් ආණ්ඩුව දෙයියන්ගේ නාමෙන් මේකට අත නොදා ගිය කන්නයේ වී මිල 75ට තියෙනකොට ආණ්ඩුව 50ට කියලා විජ්ජා දාලා සෙල්ලම් දාලා පාරිභෝගික අධිකාරිය අරගෙන ගිහිල්ලා ගොවියන්ගෙන් ගෙවල්වල තිබිච්ච වී බලහත්කාරයෙන් අරගෙන ගිහින් දාපු නාඩගම මේ සැරේ කරන්න එපා කියලා ගෞරවයෙන් ඉල්ලමින් මහින්දානන්ද මැතිතුමනි කොහෙන්හරි හිඟා කාල ඩොලර් ටිකක් ගෙනල්ලා මේ රට ඉස්සරහට එන සාගතයට මුහුණ දෙන වැඩපිළිවෙළක් හදන ලෙසත් මේ වෙලාවේ බොහොම අමාරුවෙන් බැට කාල නිෂ්පාදනය කර ගත්ත වී අස්වැන්නට කෙල වෙන වැඩපිළිවෙළක් සකස් නොකරන්නයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය .