අපේ රටේ කවුරුත් දන්නව මාළු ටැංකි වල ටැංකි සුද්දා කියලා මාලුවෙක් ඉන්නවා. අපේ රටේ කැබිනට් මණ්ඩලයෙත් ටැංකි සුද්දෙක් ඉන්නා බවත් ඒ වෙන කවුරුත් නොව සුදු පිරුවට ඇඳගෙන සිංහල බෞද්ධකම දෝරෙ ගලන උදය ගම්මන්පිල මහතා බව නලින් බංඩාර මන්ත්‍රීවරයා (12) දින විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.
ඇමති උදය ගම්මන්පිල කරපු සුද්ධ කෙරිල්ල අවුරුදු 50කට ත්‍රීකුණාමල ටැංකි ටික සුද්ද කර එකයි. එය 2035 වෙනකොට ලංකාවට අයිති වෙන්න තිබුණ තෙල් ටැංකි ටික බන්දේසියේ තියලා ඉන්දියාවට අවුරුදු 50කට ලබා දුන්නා එය 2072 වෙනකන් බව පැවසීය. එසේ හොදම ටික දීලා නිකන් ඉන්නේ නැතුව එය සමරන බවත් ඓතිහාසික ජයග්‍රහණයක් විදියට 1948 නිදහස සමරපු විදියට සිංහ කොඩිය කෙලින් කරලා පෙන්වන බව පැවසීය.
එම නිසා නලින් බංඩාර මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නෙමෙයි හොඳටම කෙරේ ගම්මන්පිල මහත්තයා බවයි. තෙල් ටැංකි ටිකට ෂෝට් එක දීල ඒක සමරන බවත් රූපවාහිනියේ හා පත්තරේ වෙළද දැන්වීම් දමා තෙල් ටැංකි ටික දීලා ටැංකි සුද්දා එය සමරන බව ද පැවසීය. තව දුරටත් ඒ මහතා කියා සිටියේ රටේ අර්බුද වැඩි වීමත් සමග ගෑස් පෝලිම් වලට අලුතින් පෝලිම් එකතු වන බවත් එය ඉවරයක් නැතුව කිරිපිටි, පාන්පිටි, එළවළු වගේ නැති පෝලිමක් ඇති බවත් හෙට වෙනකොට තව හොඳ පෝලිම් බලා ගන්න ලැබෙන නිසා ඉල්ලා සිටියේ ඡන්දයක් පවත්වන ලෙසයි. එහිදී මිනිස්සු පෝලිමේ ඇවිත් ආන්ඩුවට විරුද්ධව ඡන්දය ලබා දෙන බවද පැවසීය.
අද වර්තමාන රජය සමස්ත ජනතාවම කබලෙන් ලිපට දමා මිනිස්සුන්ට කන්න දෙයක් නැති කරලා .එක පැත්තකින් බත් කන්න විදියක් නැහැ නාඩු කිලෝ එකක් රුපියල් 170 ත් පැනලා .කිරිබත් කන්න කොහොමවත් බෑ කැකුළු හාල් ගණන් වගේම අනිත් පැත්තෙන් කිරිබත් කන්න ලැජ්ජයි මුලින් කාපු කිරිබත් මතක් වෙන බවත් වෙනදා බත් නැත්තම් පාන් කෑවා අද පාන් කන්න පිටි නොමැති කමින් පිටි බේකරි ගණනාවක් මේ වන විට වසා ඇති බව පැවසීය එහිදී බේකිරි වැහෙනකොට චුම් පාන් කරත්ත නතර වෙන බවත් එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඇඹුල්දෙණිය හන්දියෙන් යනකොට චුං පාන් කරත්ත මතක් වුණත් දැන් ඔබතුමා ඇඹුල්දෙනිය හන්දිය යනකොට දෙපැත්ත බලාගෙන යන්න චූන් පාන් කරත්තයක් හොයා ගන්න පුළුවන වෙයිද ගැටළුවක් බවත් අද ඒකත් කොට උඩ මිනිස්සුන්ගේ ස්වයං රැකියාවටත් ෂොට් එක දී ඇති බව ද පැවසීය. පිටි හිඟය නිසා බේකරි හා restaurant වසා ඇතැයි ඒවාට අවශ්‍ය ගෑස් ,කිරිපිටි නැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා චුන්පාන් කරත්තයටත් කෙළිය බවත් එහි විපාක හැටියට බත් නැත්නම් පාන් කාපල්ලා කිව්ව ජනතාවට කන්න වෙන්නේ දත්මිටි යැයි පැවසීය.