ආණ්ඩුව ආව දවසේ ඉදලා, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ටනම් දුකක් නැතිව සැප ලැබුණු බවත්, ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පැවසීය.

balavegaya FB IMG 1640682517170

 ජනතාව මීට වඩා කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු කියන බවත්,එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයි ඒ මහතා පැවසීය. ආණ්ඩුවේ   පිරිසක් ජනතාවට “ටිකක් කන්න කියන බවත්

තව සමහරු” එක වේලක් අඩු කරලා” කන්න කියන බවත් කී විපක්ෂ නායකතුමා 

තව ටික දවසකින්  ” කන්න එපා.”කියා කියනු ඇතැයිද කීය.

ජනතාව කැපකිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැපගැනීම  බව කී විපක්ෂ නායකතුමා මේ ආණ්ඩුව දුර්දාන්ත ආණ්ඩුවක් බවද කීය.

balavegaya FB IMG 1640682522611

        විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(28) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” තුන්වෙනි දිනය ආරම්භ කළේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවට යමිනි.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.