ආණ්ඩුවට එක්වීමට තරම් ඔලුවේ අමාරුවක් තමන්ට නැතැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ පැවසුවේය.

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ආණ්ඩුවට එක්වන බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මෙසේද කීවේය.

මම සහ චමින්ද විජේසිරි ආණ්ඩුවට එක්වන බවට දිවයින පුවත්පතේ ප‍්‍රධාන පුවත් සිරස්තලය ලෙස වාර්තා කර තිබුණා. මෙවැනි ප‍්‍රවෘත්තියක් රට පුරා ගිහින් ඇති බව අපි දැනගත්තේ මේ මාධ්‍ය වාර්තාව පළවීමෙන් පසුවයි.

ආණ්ඩුව දැන් තියෙන තත්වය ගැන අපිට තේරුම් ගන්න බැරිනම් දේශපාලනය කිරීමට අපි සුදුසු නැහැ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට නරා වලක් බවට පත්වෙලා. මේ වෙලාවේ ආණ්ඩුවට ගල් ගහල පන්න වෙලාවේ අපිට ආණ්ඩුව පැත්ත ගැන හිතන්නවත් අවශ්‍ය නෑ. ඒ තරම් ඔලුවේ අමාරුවක් අපිට නෑ.

ෆේක් නිවුස් ගහන මාධ්‍යයෙන් ඉල්ලන්නේ ආණ්ඩුවට කඩේ ගියාට අපි ඉත්තන් බවට පත් කරන්න එපා කියලයි.

අද පොහොර ප‍්‍රශ්ණය මහ පාරට ඇවිත්. ඒවාට ආණ්ඩුවට උතත්ර සොයා ගැනීමට නොහැකි වෙලා. ජනතාව බේරා ගැනීමට සිටින එකම නායකයා සජිත් පේ‍්‍රමදාස යන මතය ජනතාව අතර තියෙනවා.