විරෝධතා දැක්වීමට, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් වලට බාධා එල්ල වන පරිදි රජය විසින් ඉදිරිපත් කර තිබෙන මර්දනකාරී පනත් දෙකකට විරෝධය පළකරමින නැගෙනහිර පළාතේ ද විරෝධයක් ක්‍රියාත්මක වේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ජනවාරි 22 වැනි සදුදා මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලදී ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් උද්ඝෝෂණයක් පවත්වා ඇති බවයි.

“ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමයි, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ පවතින මානව හිමිකම් කඩ කරමින් ක්‍රියා නොකරනු, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සහ රැස්වීමේ අයිතිය තහවුරු කරනු”

ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් සිවිල් සංවිධාන ක්‍රියාධරයන් කල්අඩි පාලම අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනින් මඩකලපුව ගාන්ධි උද්‍යානය තෙක් පැමිණ එහිදී විරෝධයක් දියත් කර තිබුනි.