සමගි ජන බලවේගය යනු අලුත් දර්ශනයක් සහිත අලුත් දේශපාලන පක්ෂයක් බවත්, මෙහි නායකියන් පත් කරන්නේ මැද මුලන වලව්වෙන් නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මන්ත‍්‍රීවරයා පැවසුවේය.

සමගි විහිදුම් බලකායේ සමාරම්භක උත්සවයට එක්වෙමින් මන්ත‍්‍රිවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

සමගි ජන බලවේගය කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක්. අලුත් දේශපාලන දර්ශනයක්. සමගි ජන බලවේගය නිර්මාණය වුනේ මැද මුලන වලව්වේ නායකයින්ගේ තීරණයක් අනුව නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට තමයි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා පක්ෂ නායකත්වයට පත්වුනේ.

ජනතාව කේන්ද‍්‍ර කරගත් සංවර්ධනයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ උරුමයක් වුනා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ජනසවිය, පාසල් නිල ඇදුම්, පාසල් පෙළ පොත් අපි ජනතාවට ලබාදුන් උරුමයන්. ඒත් එක්සත් ජාතික පක්ෂය මේ දර්ශනයෙන් පිට පැනලා, අන්ත දක්ෂිණාංශික, නව ලිබරල් ප‍්‍රතිපත්තිවෙත ගමන් කරන්න පටන් ගත්තා. අලුත් මාවතකට ගියා. සියයට 23කට ඡුන්ද ප‍්‍රතිශතය කඩාගෙන වැටුනා. මේකෙන් ගොඩ ඒම සදහා පක්ෂය ගත් තීරණය අනුව අලුත් දේශපාලන ගමනක් යන්න ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී දූෂිතයින් කිහිප දෙනෙක් එකතුවෙලා අලියාගෙන් ලකුණින් යන්න හැදුවත් ජනතාව ඔවුන්ට හොද පාඩමක් කියලා දුන්නා. සමගි ජන බලවේගය නිර්මාණය කරලා ඉතාමත් කෙටි කාලයක්ඇතුළත ජනතාව ආසන පනස් ගණනක් ලබාදුන්නා. ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් මේ තරම් කෙටි කාලයක් ඇතුළ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට මේ තරම් ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකියාව ලැබුණේ නැහැ. බණ්ඩාරනායක මහත්තයා අලුත් පක්ෂයක් පිහිටවූවාට පසුව පැවති මැතිවරණයෙන් ලබාගැනීමට හැකියාව ලැබුණේ ආසන නමයක් පමණයි.

අපේ පක්ෂයේ ව්‍යවසථාව කියවලා බලන්න. අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන ප‍්‍රගතිශීලී කදවුර තමයි මේක. අපේ පක්ෂයේ යාවජීව නායකයෙක් වෙනුවට තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට තේරී පත්වන නායකයෙක්. ලංකාවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක නොමැති ආකරයට අපේ පක්ෂයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්්ත‍්‍රවාදය පවතිනවා.

මින් ඉදිරියට අපේ පක්ෂයේ ආසන සංවිධායකයින් පත් කරන්නේ ආසනයේ ක‍්‍රියාකාරීන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවයි. ව්‍යවස්ථාව මගින් එය සහතික කර තිබෙනා.

අද ලෝකයේ මාක්ස්වාදය, කොමියුනිස්ට්වාදයේ සිටි රාජ්‍යයන් අද ලාභය අරමුණු කරගත් රටවලට තමන්ගේ රටට එන්න කියලා ආරාධනා කරනවා. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථික ක‍්‍රමයක් ඇති රටවල් ලෝකයේ ආර්ථික පෙළහර පාමින් සිටිනවා.

අපේ කලාපයේ අනිකුත් රවටල් කොවිඩ් වසංගතය හමුවේ පවා විදේශ සංචිත හොදින් කළමනාකරණය කරගත්තා. සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. අපේ රටේ තමයි විදේශ විනිමය අර්බුදයක් ඇති කරගත්තේ. මේ තත්වයෙන් රට ගොඩ ගැනීමට හැකි කණ්ඩායමක් සිටින්නේ සමගි ජන බලවේගය තුළයි.

මේ අර්බුදය හමුවේ රට ගොඩ ගත හැකි මග ගැන පක්ෂයක් විදියට අපි කරුණු ඉදිරිපත් කරනවා. අද විශ්ව විද්‍යාල ප‍්‍රජාව හයසියයකට වැඩි පිරිසක් අපි සමග අත්වැල් බැදගෙන ඉන්නවා. හෙට අපි ආණ්ඩුව භාරගැනීමට සූදානම් දේශපාලන පක්ෂයක්.

සාම්ප‍්‍රදායික දේශපාලනයේ අවසානයක් දකින්නයි සමගි ජන බලවේගය නිර්මාණය කර තිබෙන්නේ.

එදා රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා කිව්වේ තමන් දෙකොන පත්තුවන විලක්කුවක් වගේ රටක් භාරගන්නවා කියලයි. එදා එතුමා ජනසවිය දෙනවා කියලා කිව්වම විරුද්ධ පක්ෂයේ අය කිව්වේ ජනතාව රටවනවා කියලයි. නමුත් දෙපැත්ත දැවෙන රටක් භාරගෙන ඒ පොරොන්දුව ඉටු කලා විතක් නෙමෙයි රට වටේම ඇගළුම් කර්මාන්තශාලා ආරම්භ කළා.

ඉබාගාතේ යන මේ ආණ්ඩුව වගේ කොවිඩ් වංසගතයට මුවා වෙලා පොරොන්දු ඉටු නොකර සිටීමට එදා පේ‍්‍රමදාස ජනාධිපතිතුමා කටයුතු කළේ නෑ. ජනසවිය දුන්නා. පාසල් නිල ඇදුම දුන්නා. නිවාස වැඩපිළිවෙල ක‍්‍රියාතම්ක කළා. අද රටට අවශ්‍ය සංවේදී ආණ්ඩුවක්.

අද මම මේ රැුස්වීමට එන වෙලාවේ සමාජ ජාලාවල ටියුනීසියාවේ ඡුායාරූපයක් දැක්කා. ඒකාධිපති පාලකයෙක් හිටපු රටක්. බඩු මිල වැඩිවන විට, ජනතාවට පීඩාවට පත්වන විට, ජනතාව පාරට බැස්සා. ඒකාධිපති පාලකයා හමුදාව යොදවලා, බලහත්කාරය යොදවලා ජනතා විරෝධය පාලනය කිරීමට උත්සාහ ගත්තා. නමුත් ජනතාව බය නොවී පාරට බැස්සා. අවසානයෙදී ඒ පාලකයාට ටියුනීසියාව අතහැර යාමට සිදුවුනා. ඔහු රට හැරයන අවස්ථාවේදී දුරකතනයෙන් කතා කළ දේවල් රෙකෝ්ඩ් කරලා බී.බී.සී. එකෙන් එලියට දාලා තියෙනවා. හමුදාපතිට කතා කරනවා. නැවත ටියුනීසියාවට එන බව හමුදාපතිවරයාට කිව්වා. ඔහු ගිය ගුවන් යානයේ ගුවන් නියමුවාට කිව්වේ තමන් ඉක්මනින්ම නැවත ටියුනිසීයාවට එන නිසා ගුවන් යානය නැවත රැුගෙන යන්න එපා කියලා කිව්වා. ඒත් ඔහු ඒකාධිපති පාලකයාට නොකියාම නැවත ගුවන් යානය රැුගෙන ගියා.

එදා ටියුනීසියානු ජනාධිපතිවරයාට වුන දෙයින් පාඩම් ඉගෙන ගන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.