ඝාතනය වූ අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් කෝටියක වන්දියක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කර තිබුණි.

ඝාතනයට ලක් වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එවැනි තත්වයක් මත සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පෙත්සමක් ගොනු කරනු ලැබිණි.

ජානක අධිකාරී සහ ලක්දිනු ධීරසේකර නීතිඥ දෙපළ විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොටුව, මරදාන, වේල්ලවීදිය සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලබා සිටිති.