වර්තමානයේ අපේ රටේ අර්බුදය මුල්‍ය අර්බුදයක් විතරක් නොවන බවත් දේශපාලන, සමාජීය විශාල අර්බුදයක් කරා ගමන්කර ඇති බවත් ඊයේ(14) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවති ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරන ලද සමගි ජන බලවේගයේ “THE BLUE PRINT” ආර්ථික සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.

මේ වන විට ලෙබනනය ආර්ථික වශයෙන් ඉතාමත් අර්බුදකාරී තත්වයකට පැමිණ සෞක්‍යාය පහසුකම් නොමැතිව ආහාර හිඟ තත්වයකට පත්ව ඇති බවත් ලංකාව එවැනි තත්වයකට පත්විය යුතු නැති බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

“රට ගොඩනැගීමට අපි වැඩපිළිවලක් දුන්නා එම වැඩපිළිවෙල අදටත් වලංගුයි අපේ සැලැස්ම පිළිවෙලක් සහිතව ක්‍රමවත්ව ඉදිරිපත් කළා”
සියල්ලටම පෙර දුෂණය නැවැත්විමට සමාගි ජන බලවේගය විදියට හඬ නැගු බව හර්ෂ ද සිල්වා මහතා පැවසීය.