අප්‍රේල් 03 වන දින සිවිල් පුරවැසියන් විසින් පැවැත්විමට නියමිත ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයට සමගි ජන බලවේගය ආශිර්වාද කරන බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි .

ඔහු මෙසේ කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්ය.

මාධ්‍යවේදීයා

මේ දිනවල දේශපාලන පක්ෂයකින් තොරව ස්වාධීනව විරෝධතා පෙන්වා මෙහෙම ගියොත් රජයට ඇති වන තත්ත්වය මොකක්ද.

මන්ත්‍රීවරයා

මේ මොහොතේ දේශපාලන පක්ෂ ගැන නෙමෙයි බලන්න ඕන මේ රටේ ජනතාව ගැනයි බලන්න ඕන සියලුම පුරවැසියන්ට මේ අමාරුව දැනෙන්න පටන් අරගෙන ඒ නිසා ජනතාව දන්නවා පාරට බැහැලා උද්ඝෝෂණ කරලා බලපෑම් කරලා තමයි මේ රජයට පණිවිඩය දිය යුත්තේ කියලා ඒ සඳහා ඕනම පුරවැසියෙක් ඕනම අවස්ථාවක විරෝධයක් පානවා නම් ඒක සාධාරණයි.

මාධ්‍යවේදියා

ඔබතුමා හිතන්නේ නැද්ද ජනතාව ඇත්තටම බුද්ධිමත් වෙලා කියලා මොකද මේ දේශපාලනඥයින්ට කියලා වැඩක් නැති නිසා ඔවුන් තනියම ගේමට බැහැල කියලා හිතෙන්නේ නැද්ද.

මන්ත්‍රීවරයා

නැහැ දේශපාලන පක්ෂ හැටියටත් වෙන වෙනමත් සංවිධානය කරනවා. අපි ලඟදි සමගි ජන බලවේගය හැටියට කොළඹ එකම හිස් ගොඩක් බවට පත්කළා. ඉතින් දේශපාලන පක්ෂ සංවිධාන කළත් පුද්ගලික මට්ටමින් වේවා ඕනම ආකාරයකින් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පාරට බහින්න තමයි සූදානම් වෙලා තියෙන්නේ.

මාධ්‍යවේදියා

අප්‍රේල් තුන් වැනිදා විරෝධතාවය ඔබතුමන්ලා ද සංවිධානය කරලා තියෙන්නේ.

මන්ත්‍රීවරයා

නැහැ ඒක ජනතාව විසින්ම සංවිධානය කරන එකක්.

මාධ්‍යවේදියා

ඔබතුමාලගේ නායකයා සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් කියනවා තුන්වෙනි දාට එන්න කියලා.

මන්ත්‍රීවරයා

ඔව් රටේ ඕනෑම කෙනෙක් ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැලා තමන්ගේ දුක කියනවා නම් ඒ සඳහා ආශිර්වාදය හැම කෙනාගෙන්ම ලැබෙනවා දේශපාලඥයින්ගෙන් විතරක් නෙමෙයි රටේ ඉන්න ඕනම පුරවැසියෙක් අද ඒකට ආශිර්වාද කරනවා.

ඒ තුළින් අපි දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරන්නේ නැහැ ඒ වගේම පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරලා බලය ගන්න බලාපොරොත්තු වෙන දේශපාලන පක්ෂයක් නෙමෙයි අපි. ජනතා කැමැත්තෙන් ජනමතය අරගෙන මයි ආණ්ඩුවක් පිහිටුවන්න බලාපොරොත්තු වෙන්නේ .හැබැයි මේ ආණ්ඩුවට මේ පණිවිඩය කොයි ආකාරයෙන් හරි ලැබිය යුතු තිබෙනවා ඒ ලැබෙන ඕනෑම ක්‍රමයකට අපි ආශිර්වාද කරනවා.

මාධ්‍යවේදියා

තුන් වෙනිදා දේශපාලන පක්ෂයක් විදිහට ඔබතුමන්ලා මේ රැලියට සම්බන්ධ වෙනවාද .

මන්ත්‍රීවරයා.

නැහැ අපි ඒකට ආශිර්වාද කරනවා අපි දේශපාලන පක්ෂයක් හැටියට ගිහිල්ලා ඒවට මුහුණ පෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. දේශපාලන පක්ෂයක් විදියට කරන වැඩ වෙනම සංවිධානය කරනවා.

ලංකාවේ කවදාවත් මෙහෙම වෙලා නැහැ බලන බලන තැන පෝලිම් රට ආගාධයකට ගිහිල්ලා. පැය ගණනක් විදුලිය කපනවා කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න බැහැ ඒ වගේ වැඩ කරන සේවකයන්ගේ රැකියා අහිමි වෙලා. මේ තත්ත්වය යටතේ ඉතාම අවිනිශ්චිත තත්ත්වයක් රට තුළ තියෙන්නේ ඒ නිසා අපි කියනවා ඉදිරියට සියලු දෙනාටම එකතුවෙලා පක්ෂ පාට මේන් එයටත් වඩා ජනතාවගේ පුරවැසියෝ හැටියට විඳින දුක රජයට පෙන්නන්න කටයුතු කරන්න දේශපාලන පක්ෂයක් හැටියට අපි ගතයුතු හැම පියවරක්ම ජනතාවත් එක්ක ජනතාවට නායකත්වය දෙමින් ලබා දෙන්න කටයුතු කරනවා.