මහනුවර උඩපලාත – ගම්පොළ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ රජයේ ඉඩමක් අනීතිකව අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයාගන්නා ආදායම පුද්ගලිකව පරිහරණය කරන හිටපු අගමැති දී.මූ ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස එම ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න ලිඛිතව දන්වා තිබේ.

රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3වන වගන්තියට අනුව එම වත්කමේ නිසි බලධාරියා ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපල අතුහැර යන ලෙස නිවේදනය කරන්නේ එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාල ලිඛිත නිවේදනය අලවමිනි.

අනුරාධ ජයරත්න මෙතෙක් අනවසරයෙන් භුක්ති විඳමින් ආදායම් උපදවා පුද්ගලිකව පරිහරණය කර ඇත්තේ අංගමන බටහිර ග්‍රාම නිලධාරී වසමේ රදාව වත්තේ හෙක්ටයාර 0.3283ක් පමණ වූ බිම් කොටසකි.

ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගත් මෙම තීන්දුවත් සමග ඇයට රාජ්‍ය නිලධාරීන්ගෙන් පවා බලපෑම් එල්ල වෙමින් ඇති බව වාර්තා වෙමින් තිබේ. මෙම නිලධාරිනය උඩපලාත ප්‍රාදේශීය ලේකම් ධූරයේ වැඩ භාරගන්නේ නුදුරෙදී ය. මින් පෙර සිටි බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙම අවනඩුව නොදක්කා සේ හැසිරෙමින් සිට ඇති බව ද වාර්තා වේ.

 අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය