අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

ඊයේ (31) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේග විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කර කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරිමේ අයිතිය වර්තමාන ආණ්ඩුව නැති කර තිබෙන බවත් මද්දුම බණ්ඩාර මහතා හෙතෙමෙ පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණවලට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝග ලබාදුන්නේ නැති බවත් නමුත් සමගි ජන බලවේගයේ උද්ඝෝෂණවටල අනීතිකව පහර දෙන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.

මීට අමතරවා ඊයේ දිනයේදීම මාධ්‍ය හමුවක් කැඳවමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සියේ පසුගිය දා පැවති විරෝධතාවයට අනීතිකව පහර දුන් පොලිස් නිලදරින්ට පෞද්ගලිකව මානව හිමිකම් නඩු පවරන බවත් ඒ ඒ නිලධාරීන්ගේ තොරතුරු මේ වන විටත් සමගි ජන බලවේගයේ බුද්ධිංශ වාර්තා වලට ලැබී ඇති බවත්ය.