ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් අද රට shut down වී ඇති බවත් රටේ සමස්ථ ක්‍රියාවලියම අඩපණ වී ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි

වැඩි දුරටත් පැවසු මන්ත්‍රීවරයා ,

“අද රට shut down වෙලා කිව්වොත් නිවැරදියි .අද සමස්ත යාන්ත්‍රණයම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද වෙන විට ආරංචියි බස් ධාවනය කරන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා ඩීසල් හිඟය නිසා ඒ වගේම තව දින හතරක් හෝ පහක් ඇතුළත දුම්රිය ධාවනය කරන්න බැහැ කියලත් ප්‍රවෘත්තියක් තියෙනවා තවත් දින පහකට පමණයි දුම්රියට ඉන්ධන තියෙන්නෙ එහිදී බස් ටික දාගන්න බැරිවෙලා තියෙනවා මේ වෙනවිට දුම්රිය දුවන්න බැරි වෙලා තියෙනවා තව දවස් 5 ක් යනවිට අද වෙන විට අනෙකුත් සමස්ත ප්‍රවාහන පද්ධතිය ම සියල්ල අකර්මණ්‍ය වෙලා තියෙන්නෙ රාජ්‍ය තාන්ත්‍රය අකර්මණ්‍ය වෙලා උසස් පෙළ ළමයින්ට විභාගයට එන්න බැරුව මග රස්තියාදු වෙච්ච වාර්තා වෙලා තියෙනවා එය බස් නැතුව ඒ අහිංසක ළමයින්ට මෝටර් සයිකලයක් වත් නැති අය ඉන්නවා පුට් සයිකලයක් වත් නැතුව ඉන්නවා උසස් පෙළ විභාගයට දරුවන්ට විභාගය මධ්‍යස්ථානයට යන්න බැහැ කියන්නේ මේ රටේ මේ පාලකයෝ මොකුන්ද මේ පාලකයෝ තවදුරටත් පාලනය කරන්න දෙන්න ඕනද. කෘෂිකර්මාන්තයේ නියැලිලා ඉන්න ගොවියට අස්වැන්න බැහැලා තියෙනවා බාගෙට බාගයක් ඒ ලැබෙන අස්වැන්න නෙළා ගන්න විදියක් නැහැ කෘෂි උපකරණ වලට ඩීසල් ටික නැහැ අපි දන්නවා ෂෙඩ් වල බූලියට ඩීසල් දෙන්නෙ නැහැ වාහනයට තමයි සිල්ලරේට දෙන්නේ එහිදී සෙඩ් එකට භූතයා පටවගෙන එන්නද කියන්නේ ටැක්ටරය ලෑම් මාස්ටර්ය⁣ට කෘෂි උපකරණ උස්සගෙන එන්නද කියන්නේ ඒ නිසා අද ගොවියා කබලෙන් ලිපට වැටිල පොහොර නැතුව මහකන්නය පාළු වුණා පීදිලා තිබෙන සොච්චම් වී කරල් ටික විකුණගන්න බෑ තෙල් ටික නැහැ ඒ තත්ත්වයට අද ගොවියා පත්වෙලා ඒ නිසා මේ තත්වයට පත් කරපු ආණ්ඩුව දැන් හිටියා ඇති” බව මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

වැඩි දුරටත් පැවසු මන්ත්‍රීවරයා ,

“අපි දන්නේ නැහැ මොකක්ද ආණ්ඩුවේ වැඩපිළිවෙළ කියලා ආණ්ඩුව මේ වෙනවිට කියන්න ඕන ඉදිරි මාස හය ගැන නෙමෙයි ඉදිරි මාස තුන මොකක්ද කරන්නේ කියලා මේ විදියට දවස ගානේ රටේ ආර්ථිකය කඩා වැටෙනකොට විදුලි අර්බුදය නිසා අපට පහුගිය ටිකේ අපනයන ආර්ථිකය වැටුණේ නැහැ ඇඟලුම් ආර්ථිකයට යම් වර්ධනයක් ලැබුණා වෙනදා වගේම අද ඇඟලුම් කර්මාන්තයේ දුවන්න විදියක් නැහැ සේවක ප්‍රවාහනය කර ගන්න බැහැ මේ තත්ත්වයට අද පත්වෙලා තියනවා එහෙමනම් ආණ්ඩුව දැන් කියන්න ඕන මොකක් ද කරන්නේ කියලා. ජීඑස්පී සහනය අහිමිවීමේ අවදානමක් තිබෙනවා. ඒ සම්බන්ධව කතා කරන්න ආණ්ඩුවේ දූත පිරිසක් සම්බන්ධ වුණාද , විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධ වුණාද, ප්‍රශ්න කළ සිටි මන්ත්‍රීවරයා ,

“අපිට මතකයි සහනය 2015 අහිමි වෙලා තියෙද්දි හර්ෂ ද සිල්වා මහත්මයා මංගල සමරවීර මැතිතුමා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් කටයුතු කළා එහෙම කරලා නැවත එම සහනය ලබා ගත්තා එහෙත් වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ බව කියා සිටියේ අද(28) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .