අද රටේ තත්ත්වය වෙනස් කරන්න විශාල ප්‍රතිසංස්කරණ කළ යුතු බව “ආර්ථිකයේ නිවැරදි දිශාව” යන මැයෙන් ඊයේ (30) විපක්ෂනායක කාර්යාලයේදී පවතී මාධ්‍ය හමුවට සහබගී වෙමින් ර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා.
අද රටේ තත්ත්වය වෙනස් කරන්න විශාල ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා අපි දන්නව මේ කඩා වැටීමේ දී මුලින්ම වුනේ බදු අයින් කළා කියන එක. එයට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. රටක් ගෙනියන්න බැහැ නිවසක් ගෙනියන්න බැහැ ව්‍යාපාරයක් ගෙනියන්න බැහැ ආදායමක් නැතිව. රටේ ආදායම සම්පූර්ණයෙන්ම කඩා කප්පල් කරල දැම්මා. එතකොට අපි ජාත්‍යන්තර අරමුදල එක්ක ගිවිසුම් ගහලා යම්කිසි වැඩපිළිවෙළ හිටියේ 2016, හා 2019 දී ඒ වැඩපිළිවෙළ ක්‍රමානුකූලව අයවැය පරතරය අඩු කරමින් හිටියේ මේගොල්ලන් ඇවිල්ල එකපාරම කඩාකප්ප කරල දැම්මා අපිට කවුරුත් ඕන නෑ ජාත්‍යන්තරය ඕනෙත් නෑ වෙළෙඳපොළ ඕනෙත් නෑ අපිට පුළුවන් මේක කරන්න ණය ගන්න ඕනෙත් නෑ මුදල් අච්චු ගහලා විසඳනවා කොහොමද රට සංවර්ධනය කරන්නේ කියලා පිස්සු කතාවක් කියාගෙන ගිහිල්ලා රට මේ තැනටම තල්ලු කරා. ඒ ජනාධිපතිතුමා තවම ඉන්නවා අන්තිමට ජනාධිපතිතුමා වගකියන්න ඕන අනිත් නිලධාරීන් ඉන්නවා නමුත් ජනාධිපති වගකියන්න ඕන ඔහු තවමත් බලයේ ඉන්නවා එසේ ඉඳගෙන ජාත්‍යන්තර අරමුදලෙන් ගිහිල්ලා කතා කරලා 2019 ඉඳලා කරන්න තිබුණු වැඩේ 2022 රට වැටුනට පස්සේ කරන්න යන්නේ ඉතින් ආදායම වැඩි කරන්න ඕන මේක මූලධර්මය මේකයි ගෙවන්න පුළුවන් මිනිස්සු ගෙවන්න ඕන බදු කියන්නේ ඒකයි ඕනම රටක සමාජ සාධාරණත්වයක් තියෙන්න ඕන අනිත් එක මේ අය තව වැඩක් කර බදු වලට සමාව දුන්නා ඒ ක්රියාවලියෙහි ඉන්නේ කළු කඩ කාරයෝ හොරකම් කරපු ඒවා බදු සහනයක් දෙන කියලා පොඩ්ඩක් ගෙවනවා එය ගෙවන්න ඕන ව්‍යාපාරයක් කරනකොට වන්න බද්දක් තියෙනවා ඒවා ගෙවනවා හැම සමාජයකම ඒ ඉන්නවා හොර සෙට් එකක් ව්‍යාපාරිකයෝ ඔවුන් වැඩ කරන්නේ ඉහළ දේශපාලඥ එක්ක ඊට පස්සේ බලයට ආවට පස්සේ කියනවා බදු සමාවක් දෙනවා කියලා ඒ සීයට 12 18 24 නෙමෙයි කළු සල්ලි ගේන්නේ කියන සෙල්ලම් කරනවා මේක මේ රටේ දාහතර වෙනි වතාවට බදු හොරුන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් මේ තුළින් රටක් ගොඩනගන්න බැහැ ගන්න පුළුවන් අය වැඩි ආදායම් තියන අයගෙන් ගන්න ඕන ඒක සාධාරණයි ඒ ප්‍රතිපත්තිය තියෙන්න ඕන ගෙවන්න තියෙන මිනිස්සු ගෙවන්න ඕන හැබැයි හොරකම් කරන මිනිස්සුන්ට සමාව දෙන්න බෑ.
වියදම පැත්ත ගත්තොත් නාස්තිය තියෙනකම් මේක කරගන්න බැහැ දැන් තියෙන තත්වය අනුව අමාරුයි ප්‍රාග්ධන වියදම් අයින් කරගන්න වෙනවා ඉහළින්ම තියෙන්නේ ආරක්ෂක වියදම් ඊට පස්සේ සෞඛ්‍ය වියදම් ඊට පස්සේ යටින් අධ්‍යාපන වියදම් අපේ රටේ දරුවන් කොච්චර ඉන්නවද අධ්‍යාපනය ලබන්න අද පාසල් යන්නේ නැහැ ගෙදර ඉදලා ඕන්ලයින් කරනවා කියනවා වැඩිම වුනොත් තාත්තා කෙනෙක්ට එක දුරකථනයක් ඇති දරුවෝ තුන් දෙනෙක් ඉන්නව නම් මොනවද මේ කරන්නේ ඇයි ඒ අයට බිලියන සීයකට වැඩි වියදම් කරල ආරක්ෂාවට වැඩි ගාණක් වියදම් කරන්නේ ඇත්ත කතාවට අපි මුහුණ දෙන්න ඕන ප්රාග්ධනය නාස්තිය අඩු කරන්න ඕන .
රාජ්‍ය ව්‍යාපාර තියෙනවා දැන් අපේ බූදලය පිටරටට විකුනනවා මම අහන්න කැමතියි මොකක්ද බූදලය කියලා. අගමැති තුමා කතාව කියනකොට කියනවා cpc එකේ විදුලිබල මණ්ඩලය ඉඩ විශාල ලෙස තියෙනවා කියලා එතකොට වරාය අධිකාරිය තියෙනවා තව පැත්තකින් ශ්‍රී ලංකා ගුවන් සේවාව රාජ්‍ය ව්‍යාපාර ඒව ව්‍යාපාර මට්ටමින් ගෙනියන්න ඕන ඒව ලාභ ලබන විදියට හදන්න ඕන මොකද ඒ ව්‍යාපාර තියෙන්නෙ වැඩ කරන අයට නෙමෙයි ඒවා කොටස්කරුවෝ රාජ්‍ය ව්‍යාපාර වල කොටස්කරුවා මේ රටේ පුරවැසියන් ඔවුන්ට මේවා තියෙන්න ඕන මොකක්ද ඇත්ත කතාව ඔයාටයි මටයි වැඩක් තියෙනවද අපි මේ ගහන පොඩි ටැංකියට ගහන ලීටර් 10 අරාබියේ ඉන්දියාවෙන් ආවද චීනයෙන් ආවද වැඩක් නැහැ අපි පෝලිමේ ඉන්නවා පැය හයක් රාත්‍රී කාලයක් ඉන්නවා මගේ වාහනේ දාලා රැයක් තිබෙනවා අපිට වැඩක් නැහැ ඒකෙන් අපිට ඕන තෙල් ටික ගහගන්න බොරු කතා වලට කිව්වා රට විකුනනවා කිව්වා පිරවුම්හල විකුනනවා කිව්වා මොකක්ද මේ බොරු කතාවක් අපිට ඒවගෙන් වැඩක් නෑ තාත්තටයි අම්මටයි ඕන දරුවාට අධ්‍යාපනය එය රුසියාවෙන් ද කොරියාවෙන් එක අපිට වැඩක් තියෙනවද වැඩක් නැහැ අපි ඔක්කොම දන්නවා අධ්‍යාපනය වැදගත් ඒක කොහෙන් ලැබුණත් කමක් නෑ දරුවාට අධ්‍යාපනය මේ වගේ බොරු කියලා කියලා හදලා මම බලය අල්ලගෙන මෙච්චර කාලයක් බලය රැක ගෙන ගිහින් තියෙන්නෙ රාජපක්ෂ බොරු ඕක තමයි කරලා තියෙන්නේ අපි මේ වගේ ගැලවෙන්න ඕන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි අපි ඒවට යන්න ඕන මම මෙතන පැහැදිලි එක දෙයක් කියන්න ඕන අපිට වැඩපිළිවෙළක් තියෙනවා හුඟක් අය අහනවා වැඩපිළිවෙල තියෙනවා නං කියන්න කියලා වැඩපිළිවෙළ කියලා වැඩක් නෑ මේ මිනිස්සුන්ට ඒකත් බොරුවක් හදලා නැති කරලා දාලා අපි කියන්නේ අයින් වෙන්නෙ කියලා අපිට බාර දෙන්න කියන්නේ අපි කරලා පෙන්නන්නම් මේ මිනිස්සු මොනවද කරන්නේ මේ ජනාධිපතිතුමා මොනවා කරනවාද දන්නෑ අද මම දැක්කා මාර්ගයේ දාන්න තියෙනවා ව්‍යාපාරිකයකුට පාර්ලිමේන්තු වෙන්න කිවුවා දිවුරුම් දුන්නා ආයතන දාහතක් ද කොහෙද දෙනවා කියලා තියෙනවා ගැසට් කරනකොට හතක්ම අයින් කරල තුරු ටික දාල තියෙනවා මම දන්නෙ නෑ මෙතැන මොකක්ද තියෙන ප්රශ්නය අපිට මේක තේරුම් ගන්න අමාරුයි ඕක ඇතුලට ගිහිල්ලා අපිට ඕකට කරන්න බැහැ මම දන්නවා අරගලයේ අය එකතු වෙනවා ඒක හුගක් හොදයි අපිත් ඉන්නේ ඒ අරගලයේ එක්ක ඔක්කොම එකතු වෙන්න ඕන මේ වෙලාවේ මේක වෙනස් කරන්න ඕන එකතුවෙලා අද දවස අහිංසක පුද්ගලයෙකුට බත් එක ගන්න බැරි දවසක් ඇත්ත කතා මේ එක්ක මේක ඉස්සර කිව්වම කතාවක් වගේ හැබැයි අද ගන්න බැරි තරමට තල්ලු වෙලා
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබතුමා මේ ගත කරන අවසාන දවස් ටික රජගෙදර ආරක්ෂාවෙන් ගත කරන්න පුළුවන් හැබැයි දවස් ටිකයි තියෙන්නේ රාජපක්ෂලාගේ ගැට වලට කවුරුත් ආයෙ අහුවෙන්නේ නෑ අපිත් අහු උනානේ එදා දැන් ඒ අහුවෙන්නෙ නැහැ ජාතිවාද ගැටයක් ගැහුවා එකට අහුවුණා නයි ධාතු ගැටයක් ගැහුවා ඒකටත් අපි අහු උනා වද කොත්තු ගැටයකුත් ගැහුවා ඒකටත් අපි අහු වුණා දැන් නම් පෝලිම්වල ඉන්න ජනතාව ඕවට අහුවෙන්නෙ නැහැ ඔවුන් තේරුම් අරගෙන තියෙනවා බලය රැකීමට වෑයම ඇති කරුණාකරලා බැහැලා යන්න ඔබලාට වැඩිය රටට ආදරේ කරන මිනිස්සු මේ රටේ ඔය පෝලිම්වල ඉන්නවා අපි ඔබතුමන්ලාට කියනවා යන්න #GotaGoHome.