නිදහසෙන් පසු දශක හතරකට ආසන්න කාලයක් අපේ රට පාලනය වුණේ හදිසි නීතිය යටතේ බවත් අද අපේ රට හදිසි නීති පාලනයට යටත් කර තිබෙන බවත් ඊයේ (21) විපක්ෂ නායක කර්යලයේ පැවති මධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසීය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා.
අද අපේ රට හදිසි නීති පාලනයට යටත් කරලා.නිදහසෙන් පසු දශක හතරකට ආසන්න කාලයක් අපේ රට පාලනය වුණේ හදිසි නීතිය යටතේ.අලුත් ජනාධිපතිතුමා පහුගිය දා ප්‍රකාශ කරලා තිබුණා තවදුරටත් හදිසි නීතිය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා විද්වතුන් හමුවේ කියා සිටියා.නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ හදිසි නීතිය ප්‍රකාශ කරලා පැය 24ක් යන්න කලින් දිස්ත්‍රික්ක හතකට ආරක්ෂක හමුදාවන් කැඳවන්න බලය දෙන විදියේ ගැසට් පත්‍ර නිකුත් කළා.මේ දෙබිඩි හැසිරීම තුළින් අපි දකිනවා එතුමා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වෙලා ඉන්නකොට ජාත්‍යන්තරට ගිහිල්ලා කිව්වේ මොකක්ද අපි ත්‍රස්තවාදී පනත අකුල ගන්නවා කියලා නමුත් අද පිළිකුල් සහගත විදිහට ත්‍රස්ත විරෝධී පනත පාවිච්චි කරනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් දඩයම් කරන්නට. මොනවද මේ රටට මේ වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ පොරොන්දු දුන්නා යුරෝපා ඉදිරියේ පොරොන්දු දුන්නා අහිමි වෙච්ච සහන ලබා ගත්තේ ඒ පොරොන්දුව දීලා ප්රජාතන්ත්රවාදී ගමනක් යනවා කියලා අද මොකක්ද වෙන්නෙ අවිහිංසාවාදී විදිහට විශ්ව විද්‍යාල විවෘත කරන්න කියලා මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන ප්‍රමුඛතාවය දීලා ඒවා අමතන්න කියලා උද්ඝෝෂණය කරන ශිෂ්‍ය නායකයින්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවා කියලා ඒවාට පාවිච්චි කරන්න පුළුවන් විදියට චෝදනා නගලා ත්‍රස්ත විරෝධී පනත යටතේ රැදවුම් නියෝග යටතේ ගෙන තිබෙනවා කල්පනා කරල බලන්න අපේ රටේ ඉතිහාසය කවදාවත් නැති ව්‍යයසන කාරීතත්ත්වයකට භාජනය කරලා පමණක් නෙමෙයි මේ රටේ ප්රජාතන්ත්රවාදයත් මුහුණ දෙන්නට යන අනතුර අපේ ජනතාව හරියට කියවගන්න ඕන පවතින තත්ත්වය විග්රහ කරලා තේරුම් ගත්තේ නැත්තං අද ශිෂ්‍ය නායකයින් දඩයම් කරයි හෙට වෘත්තීය සමිති දඩයම් කරයි ගොවි සංවිධාන දඩයම් කරයි ධීවරයන් දඩයම් කරයි මේ රටේ ජනතාවට තමන් විදින දුක් වේදනාවන් ගැන හඬ නගන්න බැරි සමාජයක් අධිපතිවාදි සමාජයක් මේ රටේ උදාවෙන ලකුණු පහළ වෙමින් තිබෙනවා.
මේ කතා කරන මේ මොහොතේත් ඉංග්‍රීසි සති අන්ත පුවත්පත්වල හිතාගන්න බැරි විදිහේ පුවත් තිබෙනවා එම පිටුවල එක වචනයක් නැහැ ත්‍රස්ත විරෝධී පනත පාවිච්චි කරලා මේ රටේ අවිහිංසාවාදී අරගලයක යෙදුණු ශිෂ්‍ය නායකයන් දඩයම් කිරීම ගැන තමන්ට අවනත රජයේ මාධ්‍ය සියල්ල තුළින් සුරංගනා ලෝක මවනවා ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරනවා හිට්ලර් ගේ ගමන තමයි මේ තුළින් මතක් වෙන්නේ ලස්සන වචන ක්‍රියාවෙන් දෙබිඩි හැසිරීමක සිටිනවා ප්‍රවේශම් විය යුතුයි. මේ පවතින තත්වය තුළ රජයට අවනත මාධ්‍ය තුලින් සෘජුව අයිති සහ අයිති නොවන මාර්ගවලින් ඇති කරන සුරංගනා ලෝකය වෙනුවට එහි කඩතුරු ඉරලා යථාර්ථය කියවන්න වගකීම් සහිත පුරවැසියන්ට යුතුකමක් තියෙනවා. අපේ රට විශාල අනතුරකට මුහුණ දීලා මේ ජනාධිපති තුමා බලයට පත්වෙච්ච වෙලාවේ වෘත්තිය සමිති නායකයන් හිරබාරයට ගත් තාම ජීඑස්පී සහන නැති වෙයි ලෝකෙන් හුදකලාවෙයි කතාවක් ප්‍රකාශයට පත් කළේ අද මොකක්ද වෙලා තියෙන්නේ ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවා ගැනීමේ නියෝග පනවන්න පුළුවන් කමක් නැහැ ආරක්ෂක අමාත්‍යාංශයට අයිති අමාත්‍යවරයා අත්සන් කළේ නැත්නම් එසේ අත්සන් කළොත් දවස් අනූවක් උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව රඳවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෑත කාලයේ සිදු වෙච්ච අප්‍රසන්න අත්දැකීම් තියෙනවා දින පනස් දෙකේ කුමන්ත්‍රණය සිදු වෙච්ච වෙලාවේ ඒවා සම්බන්ධව පෙනී හිටපු හිජාස හිස්බුල්ලා වෙච්ච දේ එළියට ඇවිත් කිව්වා දවස්14ක් මාංචු පිටින් දිගටම ඇතුළේ ඉන්න සිදුවුණා කියලා මේ බිය ගැන්වීම් කරන්නේ කාටද තර්ජනය කරන්නේ කාටද බලාගෙන අපට විරුද්ධව කට ඇරියොත් මේකෙන් වෙන්නේ කියලා ඒ අහිංසක ශිෂ්‍ය නායකයන් විශ්වවිද්‍යාලය විවෘත කරන්න, මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කතා කළේ නමුත් වර්තමාන පාලනයට අවශ්‍ය අරමුණ මොකක්ද ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ .
ලංකාවේ මාධ්‍යයේ පිළිගැනීමක් තිබෙන ඇන්ඩෲ පිදෙල්ස් ප්‍රනාන්දු ලේඛකයා ඉන්දියාවේ පුවත්කට ලියනවා මේ විරෝධතාවන් මිලේච්ඡ විදියට මර්දනය කරලා තමන් දිවුරුම් දී කෙටි කාලය ඇතුලතදී ජනාධිපතිතුමා පෙන්නම් කරන්නේ මොකද්ද එයා පෙනී සිටින්නේ ඉහළ පංතියේ උවමනාවන් යටපත් කරන්න ඉඩ දේන්නේ නැහැ මේ ජනාධිපතිවරයා කියලා ඒ පංතියට පණිවිඩයක් දෙනවා බය වෙන්න එපා කියලා .ගජමිතුරන්ට බදු සහන දෙන පාලනයේම දිගුවක් කරන්න හදන්නේ .ඒ පංතියේ උවමනා ඉටු කරන්න කැප වෙලා ඉන්නවා ඕන මර්දනයක් කරලා ඕන බිය ගැනවීමක් කරලා ඕනම ප්රජාතන්ත්රවාදී ක්‍රියාමාර්ගයකට ගිහින් කියන එකයි එතුමා පෙන්නුම් කරන්නේ කියලා එම ලේඛකයා සදහන් කර තිබෙනවා.අද ගතවෙන හැම මොහොතකම අපේ රටේ දේශපාලනයේ සිදු වෙන්නේ මොකක්ද කියන එක වගකීම් සහිත පුරවැසියෝ හරියට කියව ගන්න ඕන.මේ අභියෝග තේරුම්ගත යුතුව තිබෙනවා නැති උනොත් ලොකු අමාරුවක වැටෙනවා.
මේ රටේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය ගැන වාර්තාවක් තිබෙනවා මේ ජනාධිපති ආපු ගමන් ලොකු බලාපොරොත්තු ඇතිකළා අරගලයට විරුද්ධ නැහැ කිව්වා මර්දනයට යන්නේ නැහැ කිව්වා අරගලකරුවන්ට අවශ්‍ය පහසුකම් දෙන්න කමිටුවක් පත් කරනවා කිව්වා වචන වලින් ඒවා කියලා අද ක්‍රියාවෙන් මොනවද කරන්නේ ත්‍රස්ත විරෝධී පනත යටතේ රදව ගැනීමේ නියෝග වලට එතුමා අත්සන් කරන්නේ නැත්නම් ප්රජාතන්ත්රවාදී නායකයෙක් නම් මේ විදියට රදවා ගැනීමේ නියෝග නිකුත් කරන්න බෑ එතුමා ගේ අත්සන අවශ්‍යයි ආරක්ෂාක ඇමැති හැටියට දැන් ජනාධිපතිතුමා ඒ කරපු කතාවයි හැසිරීමයි අතර පරස්පරයක් තියෙන්නේ ලොකු මුලාවක් තියෙන්නේ මිත්‍යා මත සුරංගනා කතා වල් වලට රැවටෙන්නේ නැතුව රට කොහාටද ගෙනියන්න හදන්නේ. මට පේන විදියට මානව හිමිකම් කොමිසම හෙට අනිද්දා රැස් වෙනවා ඒවා ඉදිරියේ අපට උත්තර බඳින්න සිදුවෙනවා.මේවා අපේ ආර්ථිකයට ඇති කරන බලපෑම් දිහා බලන්න ප්රජාතන්ත්රවාදය පිළිබඳ අනතුර විතරක් නෙමෙයි අපේ රටේ ආර්ථික තත්ත්වයටත් මේවා බලපානවා ජීඑස්පී නැති වීම හින්දා රටට ඇති කරපු ආර්ථික බලපෑම කොච්චර ද ඒවාගෙන් මිදුනේ අපි කොයි විදියට ද දැන් කොහාටද මේ රට ගෙනියන්නේ ඒ ගැන හරියාකාරයෙන් කල්පනා කළ යුතුව තිබෙනවා.
අද මාධ්‍ය දිහා බලන්න විශාල අදෘෂ්‍යමාන හස්තයක් මාධ්‍ය කෙරෙහි බලපෑම් ඇති කරනවා.සිරස ව්‍යාපාරය සභාපතිවරයාව ප්‍රශ්න කරන්න සීඅයිඩී එකට ගෙනියනවා එහි සැබෑ අර්ථය ,අරමුණ මොකද්ද කීර්තියක් ගෞරවය ගෙන දුන්න ජුලී බෝලින් ක්‍රීඩකයා ගෙනි යනවා ඕන කෙනෙක්ව අපි දඩයම් කරන්න ලෑස්ති අපේ ප්‍රභූ පන්තියේ උවමනාවන් සහ රට වියට පත් කරපු අගාධයට පත් කරපු දේශපාලන නායකයන්ට යළිත් පණ දෙන්න හදන වෙලාවෙ ඒවාට බාධා කළොත් බලාගෙනයි අපි ඕනෑම කෙනෙක් දඩයම් කරනවා කියලා අනතුරු ඇඟවීම නොවෙයි ද කරන්නේ ජනතාව මේක තේරුම් ගත යුතුවෙනවා සිරස සභාපතිවරයාට ජුලියන් බෝලින් වගේ පුද්ගලයින්ට රටේ ශිෂ්‍ය නායකයින්ට කරන මේ දඩයම ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවා ගන්න උත්සාහයන් ජනාධිපතිවරයාගේ ආශිර්වාද නැත්නම් කරන්න පුළුවන් කමක් නෑ ආරක්ෂක ඇමැතිවරයා හැටියට .ඒ නිසා දෙබිඩි හැසිරීමකට යන්න එපා තවදුරටත් තේරුම් ගන්න ගෝල්පේස් පමණක් නෙමෙයි රට පුරාම පාරට බැස්ස තරුණ තරුණියන් කවදාවත් පාරට බහින්නේ නැති ප්රබුද්ධ පුරවැසියෝ බැහැලා මොකද්ද කිව්වේ අපට අලූත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි සාම්ප්‍රදායික ගමන වෙනස් වීමක් අවශ්‍යයි ප්රජාතන්ත්රවාදය කියන්නේ කතිර ගහන එක විතරක් නෙවෙයි නිරන්තර ජනතා හඬට ඇහුම්කන් දෙන ගමනක් අපිට අවශ්‍යයි කියලා .ආසියාවේ සිවිස්ටර්ලන්තය වෙන්න හිටපු ලංකාව තවත් ශ්‍රී ලංකාවක් වෙන්න හිටපු සිංගප්පූරුව ශ්‍රී ලංකාව දිහා බලලා අද ඛේදනීය තත්ත්වයට පත් කරලා තියෙනවා මේකට වගකිව යුතු උදවිය අතර බඳින්න ඉන්න උදවිය ගැන කතාවක් නැහැ ඊට වඩා දරුණු ගමන යන්න සුදානම් වෙන්නේ අරගලයට සහභාගී වෙච්ච අවිහිංසාවාදයේ උද්ඝෝෂණ වලට සහභාගී වෙච්ච උදවියගේ පින්තූර පත්තරේ පළ කරනවා ඒ අය හොයලා දෙන්න කියලා කල්පනා කරල බලන්න අවිහිංසාවාදී නිර්මාණශීලී ලෝකයම ආකර්ෂ දිනාගත් අරගලය සුළු පිරිසක් විසින් ප්‍රචණ්ඩත්වයට ගෙනිච්චෙ ඇයි ඒකට මුල් වුණේ ඇයි නම වෙනිදා අරලියගහ මන්දිරෙන් ඇවිත් තිරිසන් විදිහට මිලේච්ඡ විදිහට අහිංසක විරෝධතා කරුවන්ට පහර දුන්නා ඒකට වගකීව යුතු උදවියගේ පින්තූර මාධ්‍යවලින් පළ කරන්නේ නැහැ මේ රටේ පොලීසිය ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා.21 වන සංශෝධනය තුලින් මොකක්ද කරන්න හදන්නේ ව්‍යවස්ථාදායකය සභාව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශයක් නිකුත් කර තිබුණා එදා 19 සංශෝධනය යටතේ පත් කරපු පත් කිරීම් වල තිබුණු මධ්‍යස්ථ භාවය අද නැති කරලා 10න් 7 දෙනෙක් ඕන විදියට පත් කරන්න අවශ්‍ය විදියටයි 22 සංශෝධනය කරන්නේ 22 අපි ගේනවා කියලා මුලා කරනවා නමුත් ඒක තුළින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වක් හෝ ජනතා අභිලාෂයන් ඉටු වෙන්නේ නැ ඒ නිසා මේ අනතුරු දායක ගමන ජනතාව තේරුම් ගෙන නිවැරදිව කියවා අපේ වගකීම් නිසි ලෙස ඉටු කළ යුතුව තිබෙනවා .