ජනාධිපතිවරණයේදී දැවැන්ත ජනවරමක් ලබා දී විපක්ෂ සෝදාපාලු කළත් අද සිදුවී ඇත්තේ රටම සෝදාපාලු වීමයැයි විපක්ෂ නායකතුමා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුව යනු අලුත්ම ප්‍රෝඩාව බව කී විපක්ෂ නායකතුමා, එසේ කියන ආණ්ඩුව සජබට සහය දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බවත් කීය.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ තනතුරු බෙදා ගැනීම නොවන බව කී විපක්ෂ නායකතුමා කිසිසේත්ම හොරු සමග ඇමතිකම් නොගන්නා බවද කීය.

නමුත් රට වෙනුවෙන් යහපත් දේ කරන අවස්ථාවලදී ආණ්ඩුවට සහය දෙන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

පොල්තෙල්, සීනි, සුදුලූනු, වංචාවන් මෙන්ම අසූචි නැවට මුදල් ගෙවූ මගඩිද වහා හෙලිදරව් කළ යුතු බව කී විපක්ෂ නායකතුමා ,ඒ වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන බවද කීය.

සමගි ජනබලවේගයේ යාපහුව ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව කීය.