නව තාක්ෂණය උපයෝගී කර ගෙන රටක් දියුූණු වනවා සේම සහෝදර්වය සංහිඳියාව ඇති කර විනයානුකූල සාරධර්මවලින් යුත් රටක් හා සුචරිතවත් සමාජයක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ ගංගාරාම විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැති වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී ඩිජිටල් තාක්ෂණය සහ Augmented Reality තාක්ෂණය උපයෝගී කර ගෙන නිර්මාණය කර තිබූ වෙසක් නිර්මාණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇගයීමට ලක්විය.

මෙහි දී ඩිජිටල් තාක්ෂණය සහ Augmented Reality තාක්ෂණය උපයෝගී කර ගෙන නිර්මාණය කර තිබූ වෙසක් නිර්මාණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇගයීමට ලක්විය.