අදත් ඇතැම් නගරවල ගෑස් පෝලිම් දක්නට ලැබුණි.

ලක්ෂ 29 කට ආසන්න ලාෆ් ගෑස් සිලින්ඩර මේ වනතෙක් හිස්ය.

කුරුණෑගල නගරයේ බොහෝ ස්ථානවල අද දිනයේදී ගෑස් පෝලිම් දක්නට ලැබුණි.

මේ අතර අද කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා ගෑස් හිඟය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

සමගි ජන බලවේගයේ පා.ම.ජේ.සී.අලවතුවල මහතා,

ගෑස් සිලින්ඩරයවත් හොයාගන්න නැති තැනකට පත් වෙලා තියෙනවා කුරුණෑගල නගරය. එතකොට ලංකා පුරාව අද මේ ගෑස් හිඟයක් අද ඇතිවෙලා තියෙනවා. අපි පැහැදිලිවම අහනවා රජයෙන් දැන් මේ තත්ත්වය තුළ කොහොමද නගරයේ ජීවත් වෙන පිරිස එහෙම නැත්නම් ෆ්ලැට්වල එපාර්ට්මන්ට් ජීවත් වන පිරිස කොහාමද අද තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නේ. මේ අත්‍යවශ්‍ය දේවල් ජනතාවට ලබා ගැනීමට හැකි විදියට ඒ සේවාව ලබාදීමට වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම තමයි කිරිපිටි