ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් පිරිසක් ඊයේ (23) සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට හදන වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔහු සමඟ එක්වූහ. ඒ, අදඊයේ (23) වරකාපොල පැවැති ජන රැලියේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසනයේ සංවිධායක හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති කිර්ති ශ්‍රී විජේතුංග මහතා, රඹුක්කන ආසනයේ කපිල අබේනායක, යටියන්තොට ආසනයේ සංවිධායක යු ඩි වසන්න, ගලිගමුව ආසනයේ සංවිධායක එම් ඒ ජයවර්ධන, ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත කුමාර, ලයනල් රාජපක්ෂ, සාෆිර්, අනෝමා ප්‍රියංගනි, සනත් නන්දසිරි, සෝමදාස රත්නායක, අනිත් රත්නතිලක, නිමල් විරසිංහ, නයනි විජේරත්න, ශ්‍යාමලි නිසංසලා, සුනිල් පුෂ්පකුමාර, ප්‍රියන්ත පතිරණ, පොදුජන එක්සත් පෙරමුණේ මහින්ද කුමාරසිරි යන මහත්ම මහත්මීන් ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් එක්වූහ.