2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් මනාප 114,319ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ.

ඒ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ද ඒ මහතා කියා සිටියේය.