රටේ තිබෙන ප්‍රශ්න සඳහා විසඳුම් දීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කණ්ඩායම සිටින එකම අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.
සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාමේ බව පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නාම යෝජනා භාරගැනීම අවසන් වෙලා තිබෙනවා. නාම යෝජනා භාර දීම සිදුකරන විටම රටේ ජනාධිපතිවරයා ලෙස සියලු අතින් සුදුසුකම් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව පැහැදිලි වෙලා තිබෙනවා.
රටේ ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගත්ත , බලයක් නොමැතිව විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් සේවය කළ , රටේ තිබෙන ප්‍රශ්න සඳහා විසඳුම් දීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කණ්ඩායම ඉන්න එකම අපෙක්ෂකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා පමණයි.
රට වැටී තිබෙන තත්ත්වයෙන් මුදවා ගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කොට ඒ වැඩපිළිවෙළ කණ්ඩායමක් සමඟ දියත් කරන්න යම් කිසි කාලයක් ගතවන බව රටේ සියලුම දෙනා දන්නා කරණයක්. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක වනවිට , ඒ වැඩපිළිවෙළ හරහා ජනතාව ආර්ථික වශයෙන් නැගිටිනකොට , ඉදිරියේ පවත්වන මැතිවරණවලදීත් සජිත් ප්‍රේමදාස මහතාට ජනතා සහාය ලැබෙන බව සහිතක කරලා කියන්න පුලුවන්.
රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට හැකි අභියෝගාත්මක වැඩපිළිවෙළට අවශ්‍ය කරන ශක්තිමත්භාවය සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනවා. ඒ වගේම වංචාවෙන් දූෂණයෙන් තොර , අද්දැකිම් තිබෙන කණ්ඩායමක් සිටින එකම අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි කියන විශ්වාසය ජනතාව තුළ ඇති වෙලා තිබෙනවා. ඒ වගේම මුදලට , වරදාන , වරප්‍රසාද වලට යටත් නොවන කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සම්බන්ධ වෙලා සිටිනවා කියන කාරණයත් රටේ ජනතාව හොඳින්ම දන්නවා.
රට වැටී තිබෙන අගාධයට ඇද දමන්න දායක වුණ යම් කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ සිටිනවා. ඒ කණ්ඩායම ගෙදර යවන්න ජනතාව සැදි පැහැදි සිටිනවා. රට බංකොලොත් කිරිමට දායක වුණ ඒ කණ්ඩායම මුදලට වරදාන , වරප්‍රසාදවලට එකට එකතුවෙලා තිබෙනවා. ඒ නිසා එම කණ්ඩායම පරාජය කිරීමට ජනතාවට අද පහසු වෙලා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සිටින යම් කණ්ඩායමක් දේශපාලනයට සම්බන්ධ කර නොගත යුතුයි කියලා ජනතාව අද තේරුම් ගෙන සිටිනවා. ඒ කණ්ඩායම වරදාන , වරප්‍රසාද වලට එක කණ්ඩායමකට එකතු වෙලා සිටිනවා. ඔවුන්ට ඒ වරප්‍රසාද සමඟ ගෙදර යන්න තමයි අවසානයේ සිද්ධ වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ කියන්නේ කිසිදු සටනකට සම්බන්ධ වීමට සුදුසු නැති පුද්ගලයෙක්
ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියන්නේ කිසිදු සටනකට සම්බන්ධ වීමට සුදුසු නැති පුද්ගලයෙක්. රටේ තිබුණ දැවැන්තම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයාට භාර දෙන විට මන්ත්‍රීවරු 95 දෙනෙක් හිටියා. ඒ මන්ත්‍රීධූර සංඛ්‍යාව බිංදුවටම බස්සන්න කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතා. අද වනවිට ඔහුගේ දර්ශනයට සම්පුර්ණයෙන් විරුද්ධ වුණ පිරිසක් තමයි එකතු කරගෙන ඉන්නේ.
සජබ ආණ්ඩුවකින් රටේ උත්තරීතර නීතිය රටේ ඉහළින්ම තියනවා
ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුණ වහාම රටේ උත්තරීතර නීතිය රටේ ඉහළින්ම තිබෙන දෙය බවට පත් කරන්න කටයුතු කරනවා. අද වනවිට නීතියට සිදුකරන බලපෑම් සියල්ල සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් පාලනයකදී නැති කිරීමට කටයුතු කරනවා. උත්තරීතර නීතිය ඉහළින්ම ක්‍රියාත්මක වන රටක් බවට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ රට බංකොලොත් කරන්න කටයුතු කළ පිරිසට දඩුවම් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම දුක්විඳින ජනතාවට සහන ලැබෙන පාලන ක්‍රමයක් සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම සමගි ජන බලවේගය අන්ත දක්ශිණාංශික සහ වමාංශික පක්ෂයක් නෙවෙයි. සමගි ජනබලවේගය ගමන් කරන්නේ මැද මාවතේ. රටේ කෘතහස්ත දේශපාලඥයින් රැසක් සමගි ජනබලවේගය නියෝජනය කරනවා. සමගි ජනබලවේගය හිතන්නේ රටේ ජනතාව හිතන ආකාරයට. රටේ සිටින සෑම ආගමක්ම , ජාතියක , කඳවුරක්ම බලාපොරොත්තු වන දේවල් ක්‍රියාත්මක කරන්න තමයි සජිත් ප්‍රේමදාස මහතා බලයට එන්නේ.