අර්බුද රැසකට මැදිවුන රාජ්‍යයක් ලෙස රටට ජාත්‍යන්තර සහයෝගය අත්‍යවශ්‍ය මොහොතක වර්තමාන ජනාධිපතිවරයා විසින් පසුගිය දින පැවති ප්‍රධාන සමුළු තුනක් සදහා සහභාගී නොවීම පිළිබද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (30) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දැක්වූවා.
”අනුර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ පාලන කාලයේ පළවෙනි මාසය පහු කරද්දී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රධාන වේදිකාවන් තුනක් නිර්මාණය වුණා. පළමුවැන්න තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය. දෙවැන්න පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුව. තුන්වැන්න බ්‍රික්ස් රාජ්‍ය සමූහයේ නායක සමුළුව. මේ අවස්ථා තුන ආණ්ඩුව එක්කො මගහැරියා නැතිනම් ආණ්ඩුවට මගහැරුණා. අලුත් ආණ්ඩුවක් විදිහට මෙම සමුළු වලට සහභාගි වීම ජාත්‍යන්තරව ඔවුන්ගේ මතවාදයත් රටේ මතවාදයත් ශක්තිමත්ව තැන්පත් කරන්න තිබුණු අවස්ථාවක්. ආණ්ඩුවේ ජනාධිපතිවරයා හැරුණු කොට අගමැතිවරිය සහ තවත් ඇමතිවරයෙකු සිටින කුඩා ආණ්ඩුවක් තමයි වර්තමානයේ රට පාලනය කරන්නේ. ඒ බව අපි හොඳින් දන්නවා. නමුත් රාජ්‍ය නායකයා හෝ විදේශ ඇමතිවරයා සහභාගී විය යුතුම මේ ප්‍රධාන සමුළු තුන වෙනුවෙන් එකකට විදේශ අමාත්‍යංශයේ ලේකම්තුමිය , විදේශ අමාත්‍යංශයේ කනිෂ්ඨ ලේකම්වරයෙක් , සහ තානාපතිවරයා තමයි සහභාගි වුණේ. සමුළුවලට සහභාගි නොවීම ආණ්ඩුව ඔවුන්ගේ ආරම්භක කාලය තුළ සිදුකරගත්ත බරපතළ වරදක්. ආණ්ඩුවට පමණක් නොව එය රටටම සිදුවෙච්ච වරදක් ලෙස තමයි අපි එය දකින්නේ. ”
පවතින ආණ්ඩුව කුමන ආණ්ඩුවක් වුණත් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් ඉතිහාසයේ කිසි දිනෙක ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති අභියෝගයට ලක්වී නොමැති බවත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සොහොන් ලකුණක් ලෙසත් එතුමා විසින් වැඩිදුරටත් කියා සිටියා.