රාජ්‍ය සේවකයා මුහුණදුන් ප්‍රශ්නවලදී සංවේදීව කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් එමෙන්ම රජයේ සේවකයාට ගෞරවනීය ලෙස සතුටින් සේවය කිරීම සඳහා වාතාවරණය සකස් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන සමගි ජන සන්ධාන රජය තුළින් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.

එමෙන්ම රාජ්‍ය සේවකයින් පාරට ඇද දමා , රජයේ සේවකයින්ට බොරු පොරොන්දු ලබාදී කටයුතු කරන කණ්ඩායම් සමඟ සංසන්දනය කරන විට රජයේ සේවකයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි එකම ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් වීරක්කොඩි මහතා සඳහන් කළේය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ රජය ගෙනගිය දූෂණ සහ වංචා තවදුරටත් සිදුවෙමින් පවතින බවත් මේ වනවිට එම දූෂණ සහ වංචා හෙළිවෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේ අද (02) දින සමගි ජන සන්ධානයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය,

‘‘රටේ සිදුවුණ දූෂණ වංචා තවදුරටත් සිදුවෙමින් පවතිනවා. ඒ වගේම එම දූෂණ වංචා දැන් එළිවෙමින් පවතිනවා.

වී.එෆ්.එස් වීසා වංචාව හරහා විශාල මුදල් ප්‍රමාණයක් වංචා කරන්න ආණ්ඩුව උත්සහ දැරුවා. මේ වනවිට පාස්පොට් වංචාවක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා රටේ පාස්පෝට් නැති තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා.

ඒ වගේම ගෘහ සේවය සඳහා විදෙස් රටවලට යන කාන්තාවන් සඳහා අනිවාර්යෙන් පුහුණු සහතිකයක් ලබාගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. නමුත් නොපුහුණු ගෘහ සේවිකාවන්ට පුහුණුව ලැබූ බවට සහතිකයක් මුදල්වලට ලබාදීමට එක්තරා පුද්ගලයෙක් කටයුතු කරලා තිබෙනවා. මෙම වංචනික කටයුත්තට විදේශ රැකියා අමාත්‍යාංශයත් සම්බන්ධ වෙලා තිබෙනවා. මේ නොපුහුණු ශ්‍රමිකයින් පුහුණු ශ්‍රමිකයින් ලෙස ලියාපදිංචි වෙලත් තිබෙනවා. එවැනි ශ්‍රමිකයින් විදෙස් රටවල සේවය සඳහා යොමු කළ පසු ඔවුන් දැඩි අපහසුතා වලට මුහුණ දෙනවා. ඒ වගේම විදෙස්ගතවන සේවාදායකයා විසින් ඩොලර් 3000 ක දීමනාවක් ලංකාවේ සිටින එජන්තවරයාට ලබාදී තිබෙනවා.

ඒ වගේම සේවාදායකයා එවන ඩොලර් 3000 රටට තබා ගැනීමට හැකියාව ලැබෙන්නේ එම සේවකයා මාස 3 කට වැඩි කාලයක් අවම වශයෙන් සේවයේ සිටියොත් පමණයි. නමුත් නොපුහුණු සේවකයෙක් විදෙස් ගත රැකියාවට යවලා යම් කිසි ගැටලුවක් මත එම සේවකයා නැවත ශ්‍රී ලංකාවට එව්වොත් ශ්‍රී ලංකාවට ලැබුණු ඩොලර් 3000 ක මුදල නැවත ලබාදීමට සිදුවෙනවා.

වංචනික ක්‍රියා හරහා නොපුහුණු සේවකයින් විදෙස් ගත රැකියාවලට යැවීමනේ එම සේවකයන් අපහසුතාවලට ලක්වනවා සේම රටට ලැබුණ ඩොලර් 3000 ක ආදායම අහිමි වෙනවා. වංචනික ක්‍රියා හරහා නොපුහුණු සේවකයින් විදෙස් ගත රැකියාවලට යැවීමනේ බිලියන 2 කට ආසන්න මුල්‍ය වංචාවක් සිදුවෙලා තිබෙනවා.

ඒ වගේම රටේ නිතියට අනුව අවුරුදු දෙකකට වඩා අඩු වයස දරුවන් සිටින කාන්තාවකට රැකියාවක් සඳහා විදෙස්ගත වීම තහනම් කටයුත්තක්. නමුත් විදේශ සේවා අමාත්‍යංශයේ ආශිර්වාදය තිබෙන පුද්ගලයෙකුට රුපියල් 75,000 ක මුදලක් ලබාදුන්නොත් අවුරුදු දෙකකට වඩා අඩු වයස දරුවන් සිටින කාන්තාවක් අවුරුදු දෙකකට වඩා අඩු වයස දරුවන් නැති කාන්තාවක් ලෙස සහතික කරනවා. මෙවැනි ක්‍රියා තුළින් ඒ කුඩා දරුවන්ගේ අනාගතයට විශාල හානියක් සිදුවෙනවා.

මෙලෙස වංචනික ලෙස ව්‍යාජ සහතික ලබාගත් පිරිස , ව්‍යාජ සහතික ලබාදීමට කටයුතු කළ පිරිස සහ ව්‍යාජ සහතික ලබාදීම හරහා රටට සිදුවුණ හානිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ රජයේ ඉල්ලා සිටිනවා.

ඒ වගේම මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ ලේඛන විනාශ කිරීමට යම් නිලධාරියෙක් සම්බන්ධ වෙලා සිටියොත් සැප්තැම්බර් 21 වැනිදායින් පසු ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සැප්තැම්බර් 22 වැනිදා බලයට පත්වන රජය උත්තරීතර නීතිය සැමට ඉහළින් ආරක්ෂා කිරීමට බැඳි සිටිනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයාතනවල ස්වාධීනත්වය රැකීමට කටයුතු කරනවා.

ඒ වගේම රාජ්‍ය සේවකයාගේ ප්‍රශ්නවලදී සංවේදීව කටයුතු කළ සන්ධානයක් තමයි සමගි ජන සන්ධානය. සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරමින් , රාජ්‍ය සේවකයාට සරිලන වැටුපක් නිර්මාණය කිරිම සඳහා කැපවෙන නායකයෙක්. ඒ වගේම රජයේ සේවකයාගේ නිවාස ප්‍රශ්නයට අවශ්‍ය වැඩසටහනක් සකස් කළේ දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතා. ඒ වගේම රජයේ සේවකයාට ගෞරවනීය ලෙස සතුටින් සේවය කිරිම සදහා වාතාවරණය සකස් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයක් තුලින් කටයුතු කරනවා.

ඒ වගේම රජයේ සේවකයා පාරට ඇද දමලා , රජයේ සේවකයාට බොරු පොරොන්දු ලබාදීලා කටයුතු කරන කණ්ඩායම් එක්ක සංසන්දනය කරන විට රජයේ සේවකයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි එකම ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා පමණයි”