මූල්‍ය කළමනාකරණ සහ මූල්‍ය විනය පිළිබඳව රටේ විශාල අර්බුදයක් ඇති වෙලා තිබෙන බවත් මුල්‍ය ආයතන මෙන්ම රාජ්‍ය කළමනාකරණයේ යම් බලයක් විපක්ෂයට තිබිය යුතු බව අද (07) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා.

ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුළ සම්ප්‍රදායක් තිබුණා විශේෂ කාරක සභා කිහිපයකම රටේ නිසි කළමනාකරණ පිළිබඳව සහ රාජ්‍ය ආයතනය කළමනාකරණය කිරීම පිළිබඳව යම් බලයක් තියෙන ප්‍රධාන කාරක සභාවල සභාපතිකම විපක්ෂයට හිමිවිය යුතුයි කියලා. එය ආණ්ඩු කිහිපයක ක්‍රියාත්මක වුණා. හැබැයි 2005න් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයෙන් පස්සේ ඒ සම්ප්‍රදාය පැත්තකට දාලා ආණ්ඩු පක්ෂයේම ඇමැතිවරුන් පත් කර ගැනීම තමයි එම කාරක සභා වල දැක්කේ එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි දැක්කා අපේ රටේ මූල්‍ය කළමනාකරණ සහ මූල්‍ය විනය පිළිබඳව රටේ විශාල අර්බුදයක් ඇති වෙලා තිබුණා . පහුගිය මාස කිහිපයට මේ රටේ පොදු ජනයා පාරට බැහැලා අරගල කරේ ඒ system change එක ආපහු හදාගන්න. විනිවිද භාවයක් වගවීමක් ඇති කර ගන්න ඕනි කියලා. ඒ නිසා අපි විපක්ෂය හැටියට රජයට බලපෑම් කරා ප්‍රධාන කාරක සභා සභාපතිකම් ටික විපක්ෂයට වෙන්න ඕන කියලා. මේක ප්‍රතිපත්තියක් වශයෙන් ගත යුතු තීරණයක් පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. කවුද සභාපති වෙන්නේ ඒ නම නෙමෙයි අදාල හිමිවිය යුත්තේ විපක්ෂයේ කෙනෙකුට කියන පදනමෙන් තමයි අපි කතා කළේ. මේ අනුව ඊයේ දවසේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අපි ආණ්ඩුවට දැනුවත් කරලා තිබුණේ විපක්ෂයේ කෙනෙක් නම් කරන්න කියලා එහිදී පොදු මතයකට ඇවිත් තිබුණා ඉරාන් වික්‍රමරත්න මහත්තයා ඒ සභාපති කමට සුදුසුයි කියලා සහ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමටත් සුදුසුයි කියලා හැබැයි කනගාටුයි කියන්න ඊයේ එම තනතුරු විපක්ෂයට දෙන්නේ නැතුව ආණ්ඩු පක්ෂයෙන් ම කෙනෙකුට ඒ සභාපතිකම ලබාදුන්නා. අපි ඒ පත්වෙච්ච සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමාගේ හැකියාව ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ.හැබැයි පදනම ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මොකද එයා පත් වෙන්නේ ආණ්ඩු පක්ෂයේ අනිත් පැත්තෙන් එයාගේ නම යෝජනා කරන්නේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා එය ස්ථිර කරන්නේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා දැන් කෝප් එකේ අපි විමර්ශනයට අරන් තියෙන අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතනය එන්නේ ඒ ගොල්ල නියෝජනය කරපු අමාත්‍යාංශය යටතේ යෝජනා කරන සහ ස්ථිර කරන කෙනායි එතකොට ඒගොල්ලෝ යෝජනා කරන කෙනා සභාපති වන්නේ එහිදී අපි කොහොමද හිතන්නේ මේ කමිටුවෙන් අපි බලාපොරොත්තු වන ඉලක්ක වලට යන්න අපි මේ තනතුරු ගන්නේ මොකක් හරි තනතුරක් ලබා ගෙන ඉන්න නෙමෙයි ඒ නතුරුවලින් අපිට රාජකාරියක් තියෙන ඉටු කරන්න ඒ විනිවිදභාවය සහ විශ්වාසය ඇතිකිරීම සඳහා තමයි විපක්ෂයට ඒක ලබාදිය යුත්තේ.

අපිට මේක ඇත්ත වශයෙන්ම කනගාටුදායක තත්ත්වයක් එක පැත්තකින් ආණ්ඩුව සහයෝගය ඉල්ලනවා ජාතික අර්බුදයක් තියෙද්දි දේශපාලනය අමතක කරලා පක්ෂ අමතක කරන එකට වැඩ කරන්න ඕන කියලා ජනාධිපතිතුමා ඒ ඉල්ලීම උදේ වරුවේ පාර්ලිමේන්තුවේ කරලා ගිහිල්ලා ඇමැතිවරු දෙන්නෙක් ප්‍රශ්න තියෙන ඇමතිවරු දෙන්නෙක් ගෙන් යෝජනා වෙන සභාපති කෙනෙක් ආණ්ඩු පක්ෂයෙන් පත් කරනවා මේක ගැටලුවක් එතකොට මේ පිළිබඳව අපි පක්ෂයක් හැටියට හිතන්නේ අපිට මේ වෙලාවේ අපි අපේ දේශපාලන අරමුණු නොබලා රට වෙනුවෙන් යම් යම් අවස්ථා වල ආණ්ඩුවට යම් අමාරු තීරණ ගැනීමේදී ජාතික අරමුණු සඳහා උදවු කරල තියෙනවා.හැබැයි මින් ඉදිරියට මීට වඩා කල්පනා කරන්න වෙනවා මේ වගේ ආණ්ඩුවක් එක්ක අපිට යන්න පුලුවන්ද කියලා. ඊයේ ජනාධිපතිතුමා කියනවා සමහර මන්ත්‍රීවරු තවම තේරුම් අරන් නැහැ රට සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා නැහැ කියලා .බොහෝ දෙනෙක් හිතෙනවා ප්‍රශ්න ඉවරයි කියලා .එතකොට මම හිතන්නේ ජනාධිපතිතුමා ඉස්සර තේරුම් කරලා දෙන්න ඕන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒගොල්ලො හිතන ඇති අරගලයත් ඉවරයි ප්‍රශ්නත් ඉවරයි රට සාමාන්‍ය තැනකට ඇවිල්ලා කියලා එහෙම නැහැ තවමත් ගිනි ගන්න තැනක රට තියෙන්නේ. රටේ ආර්ථික පැත්තෙන් බරපතල පීඩනයක් තියෙනවා පොදු ජනයාට තාම අපේ රාජ්‍ය ආදායම් වියදම් නාස්තිය දූෂණය කළමනාකරණ ක්‍රමවේදයක් හරියට ස්ථාපිත කර නැහැ. ඒ නිසා මමත් අද කල්පනා කරනවා විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා හැටියට ඒකමතිකව මාව පත්කරා මම ඒකට ස්තූතිවන්ත වෙනවා රජයේ පාර්ශවයටත් සියලු අනෙකුත් පක්ෂ වලටත් හැබැයි මම අද කල්පනා කරනවා තවදුරටත් ඒ තනතුරේ සිටිය යුතුද කියලා මොකද මගේ රාජකාරිය වුණත් කිසිම බලපෑමකින් තොරව කරන්න බැරිනම් මම සූදානම් නැහැ නිකං තනතුරක් අරගෙන ආභරණයක් හැටියට ඉන්න ඒ නිසා අපි ප්‍රතිපත්තියක් හැටියට මේ ගැන තව දුරටත් සාකච්චා කරනවා විපක්ෂයක් හැටියට ඒ අනුව ඉදිරියේදී අපේ පක්ෂය තීරණයක් ගන්නවා මොකද අපට නිදහසේ වැඩ කරන්න ඕන කාටවත් යටත් නොවී හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඕන ඒ ප්‍රතිපත්තිය අපි ඉන්නවා.

ඊයෙ මානව හිමිකම් කවුන්සලය තීරණයක් අරන් තිබුණ ශ්‍රී ලංකාවට එරෙහිව ඒකෙ ප්‍රධාන තීරණවල එකක් තියෙන්නේ ආර්ථික අපරාධ එතකොට මේ ආර්ථික අපරාධ නිසාම අපේ රටට ලොකු බාධක කිහිපයක් ක්‍රියාත්මක කරන්න යනවා කියලා කියනවා එහිදී මේ ආණ්ඩුවට තිබුන හොඳම අවස්ථාව තමයි ඊයේ රටට පෙන්නන්න අපි දූෂණයට වංචාවට ආර්ථික අපරාධ වලට එරෙහිව හරි ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කරනවා කියන එකත් කෝපා සහ කෝප් කමිටුව විපක්ෂයට භාරදීම ආණ්ඩුවට තිබුණු හොඳම අවස්ථාවක් ඒකත් නැති කරගත්තා අපි කණගාටුයි ආන්ඩුවේ සමහර අය මේකෙ පිටි පස්සේ ඉඳගෙන කවුද මෙහෙයවන්නෙ කියලා දන්නේ නෑ හැබැයි පක්ෂයක් විදියට අපි ඉදිරියේදී මීට වඩා ගැඹුරු කල්පනා කරනවා.