ත්‍රිවිධ හමුදාවට සමගාමී වු සේවාවක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය සලකන්නේ නැති බවත් එම නිසා ත්‍රිවිධ හමුදාවට හිමිවන වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලබා නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ත්‍රිවිධ හමුදා අබාධිත විරුවන් උසස්වීමට අදාළ වැටුප් තලයන්වල පිහිටුවා ඇගයීමට ලක් කිරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවත් එය ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්යය බලකාය තුළ සිදුවන්නේ නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්යය බලකායට ලබාදෙන වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳ සොයාබලා ඔවුන්ට සධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කීය.