ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වාසනීය තොරතුරු මේ වන විට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල වෙත ලැබී තිබෙන බව නිවේදනය කර තිබෙනවා.

තානාපති කාර්යාලය මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම සහ නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක වෙත ගමන් තහනමක් පනවා තිබෙනවා.

නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින අතර සියලුම සැක කටයුතු ක්‍රියාකාරකම් සහ හදිසි අවස්ථා පළාත් පාලන ආයතන වෙත වාර්තා කිරීමට හදිසි ඇමතුම් අංකයක්ද මේ වන විට නිවේදනය කර තිබෙනවා 119.

නව ආණ්ඩුවක් පත් වී ආරක්ෂක සේවයට නව ඉහල නිලදාරීන් පත්කර තිබෙන පසුබිමක මෙවැනි බරපතල අනතුරු ඇඟවීමක් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් දන්වන තුරු ශ්‍රී ලංකා ආරක්ෂක සේවයට අයත් බුද්ධි ආයතන වැනි ආයතන දැනුම්වත් වී නොතිබුනේ කුමක් නිසාද යන්න පිළිබඳව ගැටලුකාරී තත්වයක් මතුවේ.